spot_img
spot_imgspot_img

ඉන්දීය හමුදාවට යන්න කියයි

පුවත්

විදෙස්

පසුගිය මාසයේ පැවති මාලදිවයිනේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ආචාර්ය මොහොමඩ් මුයිසු, සිය රට තුළ රැඳී සිටින ඉන්දියානු හමුදා රටින් ඉවත් කරන ලෙස ඉන්දියාවෙන් ඉල්ලා තිබේ.

“අපට මාලදිවයින් භූමියේ කිසිදු විදේශීය හමුදාවක් අවශ්‍ය නැහැ, මම මෙය මාලදිවයිනේ ජනතාවට පොරොන්දු වූ අතර ජනපති ලෙස පත්වන පළමු දිනයේ සිටම මම මගේ පොරොන්දුව ඉටු කරමි.” යනුවෙන් හෙතෙම පවසා ඇත.

නොවැම්බරයේ අග දිවුරුම් දීමට නියමිත ජනාධිපතිවරයා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ජයග්‍රහණයෙන් දින කිහිපයකට පසු තමා ඉන්දීය තානාපතිවරයා හමුවී මාලදිවයිනේ සිටින සෑම ඉන්දීය හමුදා නිලධාරියෙකුම ඉවත්කළ යුතු බව ඉතා පැහැදිලිව ඔහුට පැවසූ බවයි.

මාලදිවයින දිගු කලක් ඉන්දියාවේ බලපෑමට යටත්ව පවතින අතර මුයිසු මහතාගේ ඉල්ලීම මාලේ සහ දිල්ලි අතර රාජ්‍ය තාන්ත්‍රික ආතතීන් ඇති කිරීමට ඉඩ ඇතැයි විචාරකයෝ පවසති.

ඇත්ත වශයෙන්ම, මුයිසු මහතා මාලදිවයිනේ ජනාධිපති මැතිවරණය ජයග්‍රහණය කළ විට, එය ඉන්දියාවේ පසුබෑමක් ලෙස සැළකිණ. විශේෂයෙන් ඔහුගේ ප්‍රතිවාදියා වූ, වත්මන් ජනපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි – 2018 දී බලයට පත්වීමෙන් පසු මාලදිවයින දිල්ලි වෙත සමීප කර ඇත.

මුයිසු මහතාට සහය දක්වන සන්ධානය පෙන්වා දෙන්නේ සෝලි ජනපතිගේ මෙම සබඳතාව මාලදිවයිනේ ස්වෛරීභාවයට සහ ආරක්ෂාවට තර්ජනයක් බවයි.

යටිතල පහසුකම් සහ සංවර්ධන ව්‍යාපෘති සඳහා ණය සහ ප්‍රදාන වශයෙන් මාලදිවයිනේ ඩොලර් මිලියන සියගණනක් ආයෝජනය කර ඇති චීනය සමඟ සමීප සබඳතාවලට මුයිසු මහතාගේ සන්ධානය අනුග්‍රහය දක්වයි.

නමුත් ඉන්දියන් සාගරයේ ප්‍රධාන කොටසක් නිරීක්ෂණය කිරීම සඳහා, උපාය මාර්ගිකව පිහිටා ඇති දූපත් තම ආධිපත්‍යට නතුකර ගැනීමට අවශ්‍ය හෙයින් ඉන්දියාව, ඩොලර් බිලියන 2 ක පමණ සංවර්ධන ආධාර ද මාලදිවයිනට ලබා දී ඇත.

විචාරකයන් වැඩිදුරටත් සඳහන් කරන්නේ ඉන්දීය හමුදාවන්ට මාලදිවයිනෙන් පිටව යාමට බල කළහොත් එය දිල්ලියට මරු පහරක් වනු ඇති බවයි.

විශේෂයෙන්ම ඉන්දියාව සහ චීනය අතර ආතතීන් හිමාලය දේශසීමාවේ උත්සන්න වන බැවින් මෙම භට පිරිස් පැමිණීම මාලදිවයින අවදානමට ලක්විය හැකි බව Muizzu මහතා පවසයි.

“මෙම ගෝලීය බල අරගලය සමඟ පැටලීමට මාලදිවයින කුඩා වැඩියි. අපි මෙයට පැටලෙන්නේ නැහැ,” ඔහු පැවසීය.

ජනාධිපතිවරණයට පෙර අදහස් දක්වමින්, ඉවත්ව යන ජනාධිපති සෝලි කියා සිටියේ ඉන්දීය හමුදා පැමිණීම පිළිබඳ බිය අතිශයෝක්තියක් බවයි.

“මාලදිවයිනේ හමුදාමය වශයෙන් ක්‍රියාකාරී විදේශිකයන් කිසිවකු ස්ථානගත කර නොමැත. දැනට එරට සිටින ඉන්දීය නිලධාරීන් මාලදිවයිනේ ජාතික ආරක්‍ෂක බලකායේ මෙහෙයුම් අණදෙන නිලධාරියා යටතේ සිටිති,” ඔහු පැවසීය.

නමුත් මෑත වසරවලදී මාලදිවයින ඉන්දියාව සමඟ අත්සන් කර ඇති සියලුම ගිවිසුම් සමාලෝචනය කිරීමට තමාට අවශ්‍ය බව මුයිසු මහතා පැවසීය.

“අපි දන්නේ නැහැ ඒකේ තියෙන්නේ මොනවද කියලා. පාර්ලිමේන්තුවේ වුණත් සමහර මන්ත්‍රීවරු වාද විවාද අතරතුර කිව්වා එහි ඇති දේ දන්නේ නැහැ කියලා. මට විශ්වාසයි අපි ඒක හොයලා බලනවා කියලා,” ඔහු පැවසීය.

ඔහුගේ ජයග්‍රහණයෙන් පසු, නිරීක්ෂකයින් සඳහන් කළේ මාලේ හි චීන තානාපතිවරයා මුයිසු මහතාට සුබ පැතීමට ඉක්මන් වූ බවයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ද අදහස් දක්වමින් කියා සිටියේ “ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන අතර සම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට, ප්‍රායෝගික සහයෝගීතාව ගැඹුරු කිරීමට තේරී පත් වූ ජනාධිපති මුයිසු සමඟ කටයුතු කිරීමට සූදානම්” බවයි.

මුයිසු මහතා මාලදිවයිනේ චීන යටිතල පහසුකම් ව්‍යාපෘති පිළිබඳව ද ඉතා ඉහළින් කතා කර ඇති අතර, ආයෝජන මාලේ නගරය පරිවර්තනය කර එහි පදිංචිකරුවන්ට ප්‍රතිලාභ ගෙන දුන් බව පැවසීය.

කෙසේ වෙතත්, ඔහු “ඉන්දියාවට ගැති” සෝලි මහතාට එරෙහිව “චීන ගැති” අපේක්ෂකයෙකු වීම ප්‍රතික්ෂේප කර ඇත.

“මම මාලදිවයිනේ ගැති පුද්ගලයෙක්. මට නම් මාලදිවයින පළමු තැනයි, අපේ ස්වාධීනත්වයට මුල්තැනයි” ඔහු පැවසීය. “මම කිසිම රටකට පක්ෂ හෝ විරුද්ධ නැහැ.”

https://www.bbc.com/news/world-asia-67166425

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!