-2.5 C
New York

රමේෂ්ට සෞඛ්‍ය. කෙහෙළිය ඉවත්කරමින් කැබිනට් සංශෝධනයක්

Published:

ජනාධිපතිවරයා විසින් අද (23) අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කර ඇති අතර එහිදී සෞඛ්‍ය අමාත්‍ය ධූරය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ඉවත්කර වෛද්‍ය රමේෂ් පතිරණට ලබාදී තිබේ.

රමේෂ් පතිරණට මෙම අමාත්‍යධුරය ලබා දී ඇත්තේ කර්මාන්ත අමාත්‍ය ධුරයට අමතරවය. රමේෂ් පතිරණ මෙතෙක් දැරූ වැවිලි අමාත්‍යධුරය ඔහුගෙන් ඉවත් කර ඇත.

කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍යවරයා ලෙසත් ඒ අනුව මහින්ද අමරවීර කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙසත්, ජනාධිපති කාර්යාලයේ දී අද දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

රංජිත් සියඹලාපිටිය දැනට දරනු ලබන මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.

Related articles

Recent articles

spot_img