-2.5 C
New York

නේපාලය හෙල්ලෙයි

Published:

නේපාලයේ කත්මණ්ඩු නුවර අද (22) උදෑසන 7.39ට රිච්ටර් මාපකයේ ඒකක 6.1ක භූමිකම්පාවක් සිදු වූ බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරයි.

භූමිකම්පාව හේතුවෙන් මරණ කිසිවක් වාර්තා වී නැතැයි ද එරට මාධ්‍ය පවසයි. කෙසේ වෙතත් භූමිකම්පාව බග්මතී සහ ගන්දකී ප්‍රදේශවලට දැනී තිබේ.

‍නේපාලය ලෝකයේ වැඩිම භූමිකම්පා ප්‍රමාණයක් වාර්ෂිකව සිදුවන රටවල් අතරි්න 11 වැනි ස්ථානයේ පසු වෙයි.

පසුගිය ඔක්තෝබර් 16 වැනි දා ද නේපාලයේ රිච්ටර් මාපකයේ 4.8ක භූමිකම්පාවක් සිදුව තිබිණි.

2015 වර්ෂයේ දී නේපාලයේ සිදු වූ රිච්ටර් මාපක 7.8ක් ප්‍රබල භූමිකම්පාව සහ ඉන් අනතුරුව සිදු වූ පසු කම්පන මාලාවක් හේතුවෙන් පුද්ගලයන් 9,000ක් පමණ ජීවිතක්ෂයට පත් වූ අතර දේපළවලට ද විශාල ලෙස හානි සිදුවිය.

Related articles

Recent articles

spot_img