spot_img
spot_imgspot_img

මන්ත්‍රීවරුන්ගේ කලිසම් ගලවන්න ගිය ඩයනා ගමගේ (වීඩියෝ)

පුවත්

විදෙස්

මන්ත්‍රීවරුන්ගේ කලිසම ගලවන්නට ගිය රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ අද (20) සවස පාර්ලිමේන්තුවට පැමිණ තමන්ට කාන්තා හිංසනක් වූ බවට ප්‍රකාශයක් කර තිබේ.

එහි දී ඇය පවසන්නේ “සුජිත් පෙරේරා සජබ මන්ත්‍රීවරයා විසින් මට පහරදීමකට ලක්කළා. දැදන් මේ පහළ ලයිබ්‍රරිය ළඟ දී දැන් පැය එකහමාරකට දෙකකට කලින් මා හර කෑවේ සුජිත් පෙරේා කියන මේ සජබ මන්ත්‍රීවරයාගෙන්. මට මේ ගැන පරීක්ෂණයක් අවශ්‍යයි. සජබ මන්ත්‍රීවරුන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා කාන්තාවෝ එක්ක. සුජිත් කිය්නනේ තමන්ගේ බිරිඳටත් පහර දෙන සක්කිලි කාලකණ්ණි වගේ මිනිස්සු තමයි මෙහෙම හැසිරෙන්නේ. මන්ත්‍රීවරියකට, රාජ්‍ය අමාත්‍යවරියකට පහර දෙනවා නම් මට මේ ගැන අනිවාර්යයේන ම පරීක්ෂණයක් කරන්න කියා ඉල්ලා සිටිනවා. මේ රටේ ජනතාව මේ ර‍ටේ කාන්තාවෝ ලෑස්ති වෙන්න මම මේකට විරුද්ධව පාරට බහිනවා. නැවත නැවත්ත මේවා වෙන්න දෙන්න බෑ” යනුවෙනි.

ඒ සමඟ අගමැතිවරයා නැගී සිට මේ සම්බන්ධ කරුණු කීම සඳහා විනාඩි 10කට සභාව කල් තබන ලෙස ඉල්ලා සිටියේය. එයට ඉඩ ලැබිණි.

පාර්ලිමේන්තුව නැවත රැස් වූ විට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ඩයනා ගමගේ කළ චෝදනාව ප්‍රතික්ෂේප කළේය.

“අපි මේ සිද්ධියේ වීඩියෝ දර්ශන පෙන්නුවා කතානායකතුමාට. මේ දර්ශනවලි්න පැහැදිලිව පෙනෙනව පරුෂ වචන භාවිතා කරන්නේ කවුද් කියලා කවුද තමන්ගේ අතේ තිබුණු බෑග් එකෙන් ගැහුවේ කියලා.” හෙතෙම කීවේය.

මේ අවස්ථාවේ සුජිත් පෙරේරා මන්ත්‍රීවරයා‍ට ප්‍රකාශයක් කිරීමට ඉඩ දෙන ලෙස ද ලක්ෂ්මන් කිරිඇල්ල ඉල්ලා සිටියේය.

ඒ අනුව සුජිත් සංජය පෙරේරා මෙසේ කීවේය.

“මම නැති වෙලාවේ තමයි මෙතන එතුමිය ප්‍රකාශ්‍යක් කරලා තියේනනේ මම එතුමියට පහර දුන්නා කියලා. එහෙම කිසිම දෙයක් වුණේ නෑ. අපි පහළට යන විට එතුමිය තමයි ඉතාමත් අසභ්‍ය වචනවලින් රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා එක්ක වාදයක් ඇතිකරගත්තේ. ඒ වෙලාවේ මම කිව්වා මේ වගේ දේවල් කරන්න එපා කියලා. එතුමිය මට පහර දෙන්න උත්සාහ කළා. මම කළේ පහරදීම වළක්වා ගැනීම පමණයි. මේ සම්බන්ධයෙන් සීසීටීවී දර්ශන අරගෙන පරීක්ෂණයක් කළා නම් තේරේවි මොකක්ද උනේ කියලා. මේ ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න”

මේ අවස්ථාවේ නැගී සිටි අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීි රෝහණ බණ්ඩාර කීවේ ගලිි බවුසර වැනි කාන්තාවන්ගෙන් පුරුෂ අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමේ ක්‍රමවේදයක් අවශ්‍ය බවයි.

“අපි පාඩුවේ ලිෆ්ට් එකට ආවේ. බැන බැන ඉන්නවා මම දැක්කා. පියල් නිශාන්ත ඇමතිතුමත් එක්ක. මම පාඩුවේ එතනට ආවා. එයා හිතුවා මම බයට එතනින් යනවා කියලා. මාව ෆලෝ කරන් එතනට ආවා. මගේ කලිසම ගලවනවා කිව්වා. කියන්න බැරි වචන ගණනාවක් කිව්වා. කාන්තා හිංසනය ගැන කතා කරන මේ කාන්තාවන් ගනුදෙනු කරන්න පුරුෂ අයිතීන් ආරක්ෂා කරගන්න ක්‍රමවේදයක් හදන්න. කලිසම් ගලවන්න, කණ පලන්න, එළියෙදී බලාගනිමු කියන්න. මොනවද මේ. එතුමියට වගේම අපිටත් අයිතියක් තියෙනවා කතා කරන්න. අපේ යිතිවාසිකම් ආරක්ෂා කරලා දෙන්න. අපේ කරුමෙට කොහොවත් යන ගලි බවුසරයක් අපේ ඇඟේ පෙරළුණා.

එම වීඩියෝව පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!