-0.7 C
New York

සජබ මන්ත්‍රී පිරිසක් පාර්ලිමේන්තුවේ දී ගුටි කෙළියක

Published:

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර අද (20) ඇති වූ ගුටිකෙළියක් හේතුවෙන් පාර්ලිමේන්තුවේ කලබලකාරී තත්වයක් ඇති වී තිබිණි.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පුස්තකාලය අසළ දී ඩයනා ගමගේ මන්ත්‍රීවරිය සහ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩර අතර කිසියම් කාරණයක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් මේ සිද්ධියට හේතු වී ඇත. එය සමගි ජන බලවේගයේ ම කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා විසින් ජංගම දුරකථනයෙන් වීඩියෝ කිරීම හේතුවෙන් ඩයනා ගමගේ ඔහු සමඟ ද ආරවුලක් ඇතිකරගෙන තිබේ. එම ආරවුල ඉන්පසු මන්ත්‍රීවරුන් අතර ගුටි කෙලියක් දක්වාම දුරදිග ගිය බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම ගැටුම ගැන සොයා බලා වාර්තාවක් ලබාදීමට කමිටුවක් පත්කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. එම කමිටුවේ සභාපතිත්වය නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂට ලබා දී ඇති අතර කමිටු සාමාජිකයන් ලෙස චමල් රාජපක්ෂ, රමේෂ් පතිරණ, ගයන්ත කරුණාතිලක සහ ඉම්තියාස් බාකීර් මාකර් පත්කර ඇත.

Related articles

Recent articles

spot_img