spot_img
spot_imgspot_img

විදුලි ගාස්තු වැඩිවන හැටි මෙන්න

පුවත්

විදෙස්

විදුලි ගාස්තුව නැවත ඉහළ දැමීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම අද (20) අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව අද සිට විදුලි ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන්නේ පහත සඳහන් ආකාරයෙනි.

ඒකක 0 -30ක් දක්වා ස්ථාවර ගාස්තුව රු.150.00 සිට රු. 180.00 දක්වා වැඩිකර තිබේ.

එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 12.00කි.

ඒකක 31 සිට – 60 දක්වා ස්ථාවර ගාස්තුව රුපියල් 300.00 සිට රු.360.00 දක්වා වැඩිවෙයි. එම කාණ්ඩයේ විදුලි ඒකකයක මිල රුපියල් 30.00කි. 

ඒකක 61ත් 90 ක් අතර ස්ථාවර ගාස්තුව රු. 400.00 සිට රු.480.00 දක්වාත්, 91ත් 120ත් අතර ස්ථාවර ගාස්තුව රු.1,000.00 සිට රු.1,180.00 දක්වාත්, ඒකක 121ත් 180ත් අතර ස්ථාවර ගාස්තුව රු.1,500.00 සිට රු.1,770.00 සහ ඒකක 180 කට වඩා වැඩි නම් ස්ථාවර ගාස්තුව රු. 2,000.00 සිට රු. 2,360.00 දක්වාත් වැඩි කර තිබේ.

එම විදුලි ගාස්තු වැඩිවීම අද සිට 2024 වසරේ ජුනි 30 වනදා තෙක් වලංගු වන බවද මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

එහිදී ඒකකයක් සඳහා අය කෙරෙන ගාස්තු පහතින් දැක්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!