spot_img
spot_imgspot_img

ඇමෙරිකා කඳවුරකටත් රොකට් ප්‍රහාරයක්

පුවත්

විදෙස්

සිරියාවේ ඊසානදිග ප්‍රදේශයේ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද හමුදා කඳවුරට රොකට් ප්‍රහරයක් එල්ල කර ඇතැයි ද ඉන් ජීවිත හානි කිසිවක් සිදුව නැතැයි ද එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා පැවසූ බව අල් ජසීරා පුවත සේවය වාර්තා කරයි.

පසුගිය මාසයේ දී ඇමෙරිකා හමුදාව සහ ඉරානයේ උපකාර ලබන කැරළිකරුවන් අතර සටන් ඇතිවී තිබිණි. එයින් ග්‍රීන් විලේජ් කඳවුරේ සිටි එක් ඇමෙරිකානු හමුදා සාමාජිකයකු තුවාල ලබා ඇත.

ඉන් පසු මෙම අසාර්ථක රොකට් ප්‍රහාරය එල්ල කර තිබේ.

ඊසානදිග සිරියාවේ Mission Support Site Conoco හි කඳවුර තුළට රොකට් කිහිපයක් පතිත වූ බවත්, එක්සත් ජනපදයේ පිටුබලය ලබන කුර්දි ප්‍රමුඛ කණ්ඩායමක් වන සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී බලකාය (SDF) විසින් පවත්වාගෙන යනු ලබන තවත් Mission Support Site Green Village අසල ද රොකට් කිහිපයක් පතිත වූ බවත් වාර්තා කර ඇත.

සිරියාවේ එක්සත් ජනපද භටයන් 900 ක් පමණ සිටින අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් නැගෙනහිර ප්‍රදේශයේ සිටිති.

සිරියානු රජය සිරියාවේ එක්සත් ජනපද මෙහෙයුම්වලට සිය විරුද්ධත්වය නිරන්තරයෙන් ප්‍රකාශ කර ඇති අතර එක්සත් ජනපද හමුදා ඉවත් විය යුතු යැයි ඉල්ලා තිබේ.

[ඡායාරූප: Baderkhan Ahmad/AP]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!