spot_img
spot_imgspot_img

ඇප නැතිව, කෝටි 1000ක් ණය දුන් නිවාස සංවර්ධන අධිකාරිය

පුවත්

විදෙස්

කිසිදු ඇපකරුවකු නොමැතිව නිවාස සංවර්ධන අධිකාරිය විසින් රුපියල් කෝටි 1,000කට අධික ණය ලබා දී ඇතැයි කෝප් කමිටුවේ දී අනාවරණය වී තිබේ.

මෙම කරුණු අනාවරණය වූයේ කෝප් කමිටුව හෙවත්, පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (17) රැස්වූ අවස්ථාවේ දී ය.

එමෙන්ම 2015 වර්ෂයේ දී නිවාස සංවර්ධන අධිකාරියට අනවශ්‍ය තරම් සේවකයන් බඳවාගෙන ඇති බවත් එම සංඛ්‍යාව 5,296ක් බවත් හෙළි වී ඇත. එම සේවකයන්ට වැටුප් ලෙස රුපියල් කෝටි 214කට වැඩි මුදලක් ගෙවා ඇත.

ගත වූ අවසන් වසර 05ක කාලයේ දී නිවාස සංවර්ධන අධිකාරිය ලැබූ පාඩුව රුපියල් කෝටි 500කි.

කෝප් කමිටුවේ දී අදහස් දැක්වූ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජිව් සූරියආරච්චි කියා සිටියේ 2011 වසරේදී උපහාර යනුවෙන් හඳුන්වමින් කෝටි 1,000 ක පමණ ණය ලබාදී ඇති බවයි. මේ ණයවලට ඇපවී ඇත්තේ අධිකාරියේ ගිණුම් බවත් මෙලෙස ණය ලබාදීම අද අධිකාරියට විශාල ගැටලුවක් වී ඇති බවත් ඔහු කීවේය.

එම කාලයේදී වැඩිපුර ණය දී ඇත්තේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවට බවත් බඳවාගත් සේවකයන්ගෙන් වැඩි පිරිසක් හම්න්තොට දිස්ත්‍රික්කයේ අය බවත් මෙහිදී තොරතුරු අනාවරණය විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!