-1.6 C
New York

සය නිවුන් දරුවන්ගෙන්, එක් අයෙක් මියයයි. වරද කලල තැන්පත් කර වෛද්‍යවරයාගේ ?

Published:

පසුගිය දා කාසල් රෝහලේ දී උපත ලැබූ සය නිවුන් දරුවන්ගෙන් එක් අයකු රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ දී මියගිය බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය පවසයි.

මෙම දරුවාගේ මරණයට හේතුව පෙනහළුවල වර්ධනය අඩුවීම සමඟ එයට රුධිරය වහනයවීම බව පශ්චාත් මරණ පරීක්ණයේ දී අනාවරණය වූ බව ද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකාවේ දරුවකුගේ උපත් බර සාමාන්‍ය අගය සළකන්නේ කිලෝ ග්‍රෑම් 2.5ක් වුව ද මෙම දරුවා රිජ්වේ ආර්යා ළමා රෝහලට පසුගිය 15 වැනි දා ඇතුළත් කරන විට බර තිබී ඇත්තේ ග්‍රෑම් 620ක් පමණි.

“මේ දරුවා බරින් ඉතාමත් අඩු නොමේරූ දරුවෙක්. ජීවත්කරවීමට අපි සෑම උත්සාහයක් ම ගත්තා. නමුත් ඉතා අසීරු තත්වයක තමයි හිටියේ. අද උදෑසන දරුවා මියගියා.”

දරුවන් නොමැති දෙමාපියන්ගේ ඉල්ලීම මත කෘතිම කලල තැන්පත් කිරීමේ දී ලෝකයේ පිළිගත් ක්‍රමය වන්නේ එක් කලලයකට අමතරව තවත් එක් කලලයක් තැන්පත් කිරීමයි. එය වෛද්‍ය ආචාරධර්මයක් ද වෙයි. නමුත් ශ්‍රී ලංකාවේ කෘතිම කලල තැන්පත් කරන ඇතැම් වෛද්‍යවරු කලල තැන්පත් කිරීම වඩාත් සාර්ථක කරගැනීමේ අපේක්ෂාවෙන් එකවිට කලල වැඩි ගණනක් තැන්පත් කිරීම සිදුවෙයි.

මේ දරුවන් හය දෙනකු බිහි වී ඇත්තේ එවැනි වැඩිපුර කලල තැන්පත් කිරීමේ ක්‍රියාවක් හේතුවෙනි.

Related articles

Recent articles

spot_img