-0.7 C
New York

පලස්තීන ප්‍රාණඇපකරුවන් අතර, ශ්‍රී ලාංකිකයන් පිරිසක්

Published:

පලස්තීනය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටින පිරිස අතර ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනකු ද සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ගාසා තීරයේ උතුරු කොටසේ සිටි ශ්‍රී ලාංකිකයන් 27 දෙනකු මේ වනවිට ගාසා තීරයේ දකුණු කොටස දක්වා ගමන් කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය. ඔවුන් ගාසා තීරයේ වෙසෙන තවත් පිරිසක් සමඟ ඊජිප්තුව වෙත පැමිණෙමින් සිටින බව ද තානාපතිවරයා කියයි.

“පලස්තීනයෙන් ලැබෙන තොරතුරු අනුව අපේ ශ්‍රී ලාංකිකයන් 27 දෙනකු ගාසා තීරයේ අනෙක් පිරිස් සමඟ විවෘතකරන මාර්ග ඔස්සේ පැමිණෙමින් තිබෙනවා. ඒ සම්බන්ධ සොයා බැලීම් පලස්තීන කාර්යාලයේ අපේ නියෝජිතයන් විසින් සිදුකරනවා. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය දැනට ඉල්ලීමක්ක කර තිබෙනවා හමාස් සංවිධානයේ ප්‍රධානීන්ගෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන සිටින බව කියන 150ක පමණ ප්‍රාණ ඇපකරුවන්ගේ විස්තර ලබාදෙන්න කියා. දැනට ලැබෙන තොරතුරු අනුව එම කණ්ඩායමේ ඊශ්‍රායල ජාතිකයන් වගේම විදේශිකයන් ද සිටිනවා. රටවල් 36ක විදේශිකයන් සිටින බව තමයි දැනගන්නට තියෙන්නේ. ඒ අතර ශ්‍රී ලංකාවේ අයත් ඉන්නා බව දැනට තොරතුරු තිබෙනවා. ඒ ගැන නිවැරදි විස්තර ලැබුණු වහාම තහවරු කරගත හැකියි.” තානාපතිිවරයා වැඩිදුරටත් කීවේය.

Related articles

Recent articles

spot_img