-2.5 C
New York

බෝවන රෝග නිසා, වයඹ විශ්වවිද්‍යාලයේ කොටසක් වසා දමයි

Published:

සිසුන් අතර පැතිරයන උණ, වමනය සහ පාචනය රෝගී තත්වයක් හේතුවෙන් වයඹ විශ්වවිධ්‍යාලයේ මාකඳුර පරිශ්‍රය සතියක කාලයක් වසා තැබීමට තීරණය කර තිබේ.

එම විශ්වවිද්‍යාලයේ ලේඛකාධිකාරී චිත්‍රානන්ද වීරසේකර කියා සිටියේ මෙම රෝග ලක්ෂණ පශු සම්පත්, ධීවර හා පෝෂණ පීඨයේ සිසුන් අතර පැතිරයන බවයි. මාකඳුර පරිශ්‍රයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ සිසුන් ද සිටින බැවින් එම සිසුන් අතරට රෝගය පැතිරීයාම වැළැක්වීම සඳහා මෙම තීරණය ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මාකඳුර පරිශ්‍රය තුළ ක්‍රියාත්මක පශු සම්පත් ධීවර හා පෝෂණ පීඨයේ සහ කෘෂිකර්ම හා වැවිලි කළමණාකරන යන පීඨ දෙකෙහි 1,800 කට ආසන්න සිසු සිසුවියෝ පිරිසක්, අධ්‍යන කටයුතුවල නිරතව සිටිති. කෙසේ වෙතත් පීඨ වසා දමා ඇති කාලයේ දී ඔන්ලයින් ක්‍රමයට අධ්‍යයනය කටයුතු කිරීමට ද තීරණය කර තිබේ.

Related articles

Recent articles

spot_img