-0.7 C
New York

ජනතාවට පිටු පෑ, පොලිස් ලොක්කන්ට වැඩ වරදී

Published:

මහජනතාව විසින් කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් නිසි පරිදි ක්‍රියා නොකළ පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් ලබා දී තිබේ.

පොලිස් මාධ්‍ය ඒකකය මගින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ මහජන පැමිණිලි සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී මූලස්ථානයේ චක්‍රලේඛය සහ උපදෙස් පිළිපැදීමට පොලිස් ස්ථාන කිහිපයක් අපොහොසත් වී ඇති බව ඒ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

මේ වනවිට එවැනි සිද්ධි 125ක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර සිදුවීම් 84ක පරීක්ෂණ අවසන් කර ඇත. ඒ අතරින් චෝදනා 13ක් සම්බන්ධයෙන් තොරතුරු සනාථවීමෙන් පසු ඒ සඳහා නිලධාරීන් 0 දෙනකුට චෝදනා පත්‍ර ද 19 දෙනකුට අවවාද ලිපි ද ලබා දී ඇති බව මාධ්‍ය ඒකකය පවසයි.

තවත් සිදුවීම් 23කට අදාලව චෝදනා පත්‍ර සහ අවවාද කිරීම් නිර්දේශ වී ඇති අතර 41ක් සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පවතී.

මෙසේ චෝදනා ලබා සිටින නිලධාරීන් අතර පොලිස් ස්ථානාධිපතිවරු, අංශ භාර ස්ථානාධිපතිවරුන් සිටින අතර ඔවුන් නියමිත තනතුරුවලින් ඉවත් කිරීම සඳහා ද ඉදිරියේ දී කටයුතු කරන බව වාර්තා වේ.

Related articles

Recent articles

spot_img