-2.5 C
New York

ගම්මාන කිහිපයක ජනතාව ඉවත්කරයි. වැසි තත්වය දිගටම පවතී

Published:

නායයාමේ අවදානමක් හේතුවෙන් හල්දුම්මුල්ල ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීමට පියවර ‍ගත්බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුදන්ත රණසිංහ පවසයි.

දිගින් දිගටම පවතින වැසි සහිත කාලගුණික තත්වය හේතුවෙන් උස්බිම් ප්‍රදේශවල වෙසෙන ජනතාව නාය යාමේ අනතුරු පිළිබඳ අවධානයෙන් සිටිය යුතු යැයි ද හෙතෙම වැඩිදුරටත් කීවේය.

කොස්ලන්ද මීරියබැද්ද  පදිංචි පවුල් 134ක්, මහකන්ද කොටසේ පවුල් 23ක් සහ ඉහළ මකල්දෙණිය ප්‍රදේශයේ පවුල් 84ක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනුණි.

ඔවුන් මේ වනවිට කොස්ලන්දවත්තේ තේ කර්මාන්තශාලාවක ආරක්ෂිතව රඳවා ඇත.

ඉදිරි දින කිහිපය තුළ ද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ  මලිත් ප්‍රනාන්දු කීවේය.

Related articles

Recent articles

spot_img