5.6 C
New York

ගාල්ල යටවේ

Published:

ගාල්ලේ මාර්ග රැසක් ජලයෙන් යටවී ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

ඊයේ (14) සිට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගාල්ල නගරය, සංඝමිත්ත පුර, කරාපිටිය මාර්ගය, බෙලිගහ මංසන්ධිය, වක්වැල්ල මාර්ගය යට වී ඇති අතර නගරයේ ස්ථාන රැසක ද වැසි ජලය බැස නොයාම හේතුවෙන් ජලයෙන් යටවී තිබිණි.

මේ අතර ගාල්ල නගරය අවට තදාසන්න ප්‍රදේශවල ද මාර්ග රාශියක් ජලයෙන් යට වී තිබූ අතර අද පැවැති ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසු දරු දැරියන් ද දුෂ්කරතාවලට ලක්වන ආකාරය නිරීක්ෂණය විය.

ඡායාරූප – උපුල් මහේෂ් ද සිල්වා

Related articles

Recent articles

spot_img