-1.6 C
New York

වැසීමට නියමිත බොනවිස්ටාව, ජාතික පාසලක් කළ නියමුවා සමුගනී

Published:

වසා දැමීමට නියමිතව තිබූ බොනවිස්ටා පාසල, නැවත ගොඩනැංවීමේ පුරෝගාමී විදුහල්පතිවරයා වූ කරුණාරත්න ගනේවත්ත අද (15) හදිසියේ ම අභාවප්‍රාප්ත වූ බව එම විද්‍යාලයේ ආරංචිමාර්ග තහවරු කරයි.

ගාල්ල, මහින්ද විද්‍යාලයේ ආදි සිසුවකු සහ එහි නියෝජ්‍ය විදුහල්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටි කරුණාරත්න ගනේවත්ත විසින් 2015 වර්ෂය වනවිට සිසුන් 30කට අඩු සංඛ්‍යාවකට සීමා වී තිබූ බොනවිස්ටා විද්‍යාලය නැවත ගොඩනැගීමේ වගකීම බාරගන්නා ලදී. ඉන් අනතුරුව ක්‍රමයෙන් පාසලේ සිසුන් සංඛ්‍යාව වැඩිකරගනිමින් බොනවිස්ටා පාස යළි ගොඩනැගූ ඔහු දකුණු පළාතේ ප්‍රථම සුහුරු පන්තිකාමර බොනවිස්ටා විද්‍යාල‍යේ ආරම්භ කිරීමට ද කටයුතු කළේය.

මේ වනවිට බොනවිස්ටා විද්‍යාලය ජාතික පාසලකි.

කරුණාරත්න ගනේවත්ත මියයන අවස්ථාව වනවිටත් එම පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.

Related articles

Recent articles

spot_img