බස්නාහිරින් පිටවිය හැකි අය මෙන්න

0
202

බස්නාහිර පළාතට පැමිණ ආපසු පිටව යාමට ආහාර, ඖෂධ ප්‍රවාහන, සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ජල, විදුලි, බලශක්ති හා ඉන්දන යන අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත අයට තවදුරටත් අවසර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මිට පෙර ඇඳිරි නීතිය පනවා ඇති මොහොතේ චක්‍ර ලේඛයක් මගින් අවසර ලබාදී තිබු රාජ්‍ය, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු ආයතන 112 ක සේවකයින්ට සිය හැඳුනුම්පත උපයෝගී කරගනිමින් මෙම දින 04 තුලදී පලාත් සීමාවෙන් පිටව යෑමට අවසර හිමිනොවන බව ද හෙතෙම කීවේය.

අත්‍යාවශ්‍ය කටයුත්තකට බස්නාහිර පළාතට පැමිණෙන කවරකු වුව ද ලබන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා බස්නාහිර පළාතේ රැඳී සිටීමට සූදානම්ව පැමිණිය යුතු බව ද නැතිනම් ඉරිදා මධ්‍යම රාත්‍රියෙන් පසු පැමිණීම සුදුසු බව ද පොලිසිය කියයි.

එමෙන්ම බස්නාහිර සිට පිට පළාත්වලට පැමිණෙන පුද්ගලයන් පිළිබඳ දැඩිසේ විමසිලිමත් වන්න යැයි අදාළ ප්‍රදේශවල බලධාරීන්ට දැනුම් දී ඇති බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසයි. එවැනි පුද්ගලයන් පිළිබඳ තොරතුරු ඇතැනම් වහාම ළඟම ඇති පොලිසියට, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ ග්‍රාම නිලධාරීවරුන්ට දැනුම් දෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here