spot_img
spot_imgspot_img

පාසලේ වහළට බාල ලී දාලා, කූඨ ලේඛන සාදා මුදල් ඉල්ලයි

පුවත්

විදෙස්

ගාල්ල, උඩුගම, කුරුපනාව කණිෂ්ඨ විද්‍යාලයේ වහළක් පිළිසකර කිරීමට අනුමත නොකළ දැව යොදාගත් පාසල් බලධාරීන් තාක්ෂණික නිලධාරීගේ නිල මුද්‍රාව සහ අත්සන ව්‍යාජ ලෙස යොදා මුදල් ලබාගැනීමට උත්සාහගෙන ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

මෙම පාසලේ ගොඩනැගිල්ලක වහළක් අබලන්වීම නිසා එය අලුත්වැඩියා කිරීමට නාගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණික නිලධාරීගෙන් ඇස්තමේන්තු කැඳවා තිබිණි. ඒ අනුව නිශ්චිත දැව වර්ගයක් සඳහන් කර එම වහළ පිළිසකර කිරීමට අවශ්‍ය ඇස්තමේන්තු ලබා දී ඇත.

විදුහල්පතිවරයා මෙම වහළ අලුත්වැඩියා කර ඇත්තේ අනුමත කරන ලද දැව වර්ගය වෙනුවට ශක්තිමත් බවින් අඩු බාල වර්ගයේ ලී යොදා ගනිමිනි. වහළ පිළිසකර කිරීමෙන් පසු අදාල මුදල් ලබාගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තාක්ෂණ නිලධාරිණියගේ අනුමැතිය ඉල්ලා සිටි අවස්ථාවේ දී ඇය පාසලට ගොස් එම කාර්යය ඉටුකර ඇති ආකාරය පිළිබඳ පරීක්ෂාකර බලා ඇත. එහි දී තමන් නිර්දේශකළ දැව වර්ගය වෙනුවට වෙනත් දැව වර්ගයක් යොදා ඇති බව දැනගත් අදාළ නිලධාරිනිය එම වැය ශීර්ෂය අනුමත කිරීම ප්‍රතික්ෂේප කර තිබේ.

නමුත් සති කිහිපයකට පසු අදාළ තාක්ෂණ නිලධාරිනියගේ නිල මුද්‍රාව හා සමාන නිල මුද්‍රාවක් සහ ඇගේ අත්සනට යම් තරමකට සමාන වූ ව්‍යාජ අත්සනක් සහිතව එම වැය ශීර්ෂ අනුමත කළ බවට සටහන් සහිතව මුදල් ලබාගැනීම සහා ලේඛන පාසලේ විදුහල්පතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ.

මෙය කූඨ ලේඛන සැකසීමක් බව සඳහන් කරමින් පොලිසියට පැමිණිලි කර තිබේ.

මේ පිළිබඳ අප නාගොඩ ප්‍රාදේශීය ලේකම් උපුල් දහනායකගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එම සිදුවීම සත්‍යයක් බවයි. පොලිසියට පැමිණිල්ලක් යොමුකර ඇති බවත් අධ්‍යාපන කලාප කාර්යාලයෙන් වාර්තාවක් කැඳවා ඇති බවත් ඔහු කියා සිටියාය.

උඩුගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා ආශිනී කොඩිතුවක්කුගෙන් මේ ගැන විමසූ විට ඇය කියා සිටියේ දුරකථනයෙන් තොරතුරු ලබාදිය නොහැකි බවයි. නමුත් මෙම සිදුවීම පිළිබඳ වාර්තා වී ඇති බවත් ව්‍යාජා ලේඛන සැකසීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුවන බවත් ඇය කියා සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!