spot_img
spot_imgspot_img

මාතර යළි ගංවතුර, ශිෂ්‍යත්ව දරුවන්ට විසඳුම් සොයයි

පුවත්

විදෙස්

නිල්වලා ගඟේ ඉහළ පෝෂක ප්‍රදේශවලට නැවත මහ වැසි ඇදහැළීම හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර මට්ටම වැඩිවීමේ අවදානමක් හටගෙන ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මාලිම්බඩ, කද්දූව, වැල්ලේතොට, කපුදූව ආදී ප්‍රදේශවල ගංවතුර මට්ටම අඩුවෙමින් පැවතිය ද දැන් නැවතත් වතුරට මට්ටම ඉහළ යමින් පවතී.

එබැවින් ගංවතුර අවදානම පහව ගොස් ඇතැයි නොසිතන ලෙසත්, ආරක්ෂිතව සහ අවදානයෙන් සිටින ලෙසත් එම මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

ගංවතුර තත්වය හේතුවෙන් අකුරැස්ස, අතුරලිය හරහා කඹුරුපිටිය, අකුරැස්ස – සියඹලාගොඩ, මාතර කද්දූව, අකුරැස්ස කඹුරුපිටිය හරහා හක්මන මාර්ගවල බස් ධාවනය ද ඇණ හිට තිබේ.

කෙසේ වෙතත් ලබන 15 වැනි දින පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන්ට එම ප්‍රදේශ වල ගංවතුර තත්වයක් පවතින්නේ නම් විභාග මධ්‍යස්ථානයක් ආසන්නයේ ඥාති නිවසක නතර වී සිටින ලෙසත් හදිසි අවශ්‍යතාවක් ඇත්නම් ගමන් පහසුව ලබාගැනීම සඳහා  මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 041-2234134 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ද ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!