-0.7 C
New York

ජැක්සන් මියගිය බව තහවරු කරයි

Published:

රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි අද (09) උදෑසන අභාවප්‍රාප්ත වූ බව කොළඹ ජාතික රෝහල තහවරු කළේය.

රූගත කිරීමකට සහභාගී වී අනුරාධපුරයේ සිට ආපසු එමින් සිටිය දී හදිසි අනතුරකට ලක්වූ ජැක්සන් මාස 14කට වැඩි කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

1958 ජූලි 08 වැනි දා රාගම දී උපත ලද ජැක්සන් මියයන විට 65 වැනි වියේ පසුවිය.

වේදිකා, ටෙලි නාට්‍ය සහ සිනමා යන සියලු ක්ෂේත්‍රයන්හි දක්ෂ රංගධරයකු වූ ජැක්සන් ඇන්තනි සිනමා අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කළේය. ගී පද රචකයකු ද වූ හෙතෙම නිවේකයකු ලෙස ද කටයුතු කළ අතර මහාවංශයට විද්‍යුත් ටීකාවක්, ගඟ දිගේ වැනි රූූපවාහිනී වැඩසටහන්වලින් අතිශය ජනප්‍රිියත්වයට පත්විය.

Related articles

Recent articles

spot_img