-0.7 C
New York

“මගේ රූපය කටවුට්වලට එපා” – ජනාධිපති කියයි

Published:

තමන්ගේ ඡායාරූපය පෝස්ටර් සහ කටවුට් සඳහා යොදා නොගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

මඩකලපුවේ වෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලයේ 149 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා අද (08) මෙම උපදෙස් ලබා දී ඇත.  

තම රූප සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස ද ජනාධිපතිවරයා අනෙකුත් දේශපාලඥයන්ට ද උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා මෙවැනි නියෝගයක් ලබා දී ඇත්තේ, පසුගිය දා ජනාධිපතිවරයාගේ රුව රැගත් විශාල ප්‍රමාණයේ පුවරුවක් මඩකලපුවේ වෙන්කලඩි මධ්‍ය මහා විද්‍යාලය අසළ තිබෙනු දැකීමෙන් පසුවය.

එම පුවරුව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔසසේ දැඩි විවේචනයක් එල්ල වී තිබිණි.

ජනාධිපතිවරයා එහි දී මෙසේ කීවේය.

තව එක කාරණයක් ගැන මම කියන්න කැමතියි. සම්ප්‍රදායක් හැටියට මම එද්දි ලොකු කටවුට් එකක් දාලා තියෙනවා. ඒත් මම කටවුට්වලට විරුද්ධයි. මම කියන්නේ අපි කටවුට් දේශපාලනයෙන් අයින් වෙමු. සටන්පාඨ දේශපාලනයයි කටවුට් දේශපාලනයයි අපිව මෙහෙට ගෙනාවා. අන්තිමට ආර්ථිකය කට් වුණා. ඒ නිසා ඒවා නැතුව අපි අලුතින් හිතමු. මම අනිත් දේශපාලන නායකයින්ටත් කියනවා. තමන්ගේ පින්තූරය හැම පෝස්ටරයකම දාන එක උවමනා නෑ කියලා. මිනිස්සු අපි රූපවාහිනියේ එනවා දැකලා බැන බැන ඉන්නවා. පෝස්ටර්වල දාලා අලවලා ඒ අයට තව එකපාරක් දෙන්නේ අපිට බනින්න…” 

Related articles

Recent articles

spot_img