5.2 C
New York

ගසක එල්ලී, උදව් ඉල්ලූ තරුණයා බේරාගනී

Published:

අතුරලිය – හොන්දුගොඩ මාර්ගයේ කටහතර බෝක්කුව ආසන්නයේ සැඩපහරට හසු වී ගසක එල්ලී සිටි පුද්ගලයාගේ ජීවිතය බේරාගෙන ඇතැයි පොලිසිය පවසයි.

එම ස්ථානයේ පුද්ගලයකු ගසක අත්තක එල්ලී උදව් ඉල්ලා කෑ ගසමින් සිටින බව ඊයේ (07) රාත්‍රී සමාජ මාධ්‍ය ඔස්සේ දැනුම්වත් කිරීමත් සමඟ ප්‍රදේශවාසීන් නාවික හමුදා නිලධාරීන්ට දැනුම් දී බෝට්ටුවක්ද සොයාගෙන පැයක පමණ ‍වෙහෙසකර මෙහෙයුමකින් පසු එම තරුණයා බේරාගෙන තිබිණි.

අනතුරට පත්ව සිටියේ හමුදා සාමාජිකයෙකි.

ඒ වනවිටත් ජලය පෙවීමෙන් සහ අධික වෙහෙස නිසා අසාධ්‍ය තත්වයෙන් පසු වූ ඔහු ප්‍රතිකාර සඳහා රෝහලට යොමුකර ඇත.

Related articles

Recent articles

spot_img