-0.7 C
New York

දකුණේ ගංවතුර තත්වය (ඡායාරූප එකතුවක්)

Published:

දින ගණනාවක් පුරා ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ගම්මාන රැසක් ජලයෙන් යට වී ඇති අතර නිල්වලා ගඟ සහ ගිං ගඟ ස්ථාන කිහිපයකින් පිටාර යාම හේතුවෙන් ගංවතුර තත්වයක් ද හටගෙන ඇත.

මේ හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වී ගමනා ගමනයට බාධා ඇති වී තිබෙන අතර පවුල් රැසක් තමන් පදිංචි ස්ථානවලම කොටු වී කිසිවක් කරකියාගත නොහැකි තත්වයට පත්ව තිබේ. අකුරැස්ස නගරයේ ඇති වූ ගංවතුර තත්වය හේතුවනේ වෙළඳ සැල් සියල්ල වසා දමා ඇති අතර අකුරැස්ස නගරය හරහා බස් රථ ඇතුළු වාහන ධාවනය ද ඇණහිට ඇත.

බොහෝ ග්‍රාමීය මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතයට ද දැඩි බලපෑම් සිදුව තිබේ.

අකුරැස්ස නගරයේ ගංවතුර තත්වය අද (07) පෙරවරුවේ

ඉඹුල්ගොඩ

මාපලගම නගරය

උනන්විටිය ප්‍රදේශය

ගොඩපිටිය
හෝලුවාගොඩ
මාලිම්බඩ
පානදුගම

ඡායාරූප

තරංග ගුණසේකර, නුවන් ජානක, දුමින්ද ගුණසේකර, මාතර විත්ති, ප්‍රියන්ත කුමාර, සුනිල් සමරසිංහ, රසික දිමුතු, සංජය ධනුෂ්ක, තීක්ෂණ අබේවීර, ලක්මාල් ලියනගේ, මාතර හොට්නිවුස්, උඩුගම අපි

Related articles

Recent articles

spot_img