spot_img
spot_imgspot_img

මහ වැස්සෙන්, මහ ගංවතුරක් ? රතු නිවේදනයත් නිකුත් කරයි

පුවත්

විදෙස්

දින ගණනක් තිස්සේ ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවේන නිල්වලා ‍‍ගඟේ ඇති වී තිබෙන ගංවතුර තත්වය තවදුරටත් වර්ධනය වීමෙන්  මහා ගංවතුරක් ඇතිවිය හැකියැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත්කර තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරි පැය 24ක කාලයේ දී මිලිමීටර 100 ඉක්මවූ තද වැසි නිල්වලා ගංඟා ද්‍රෝණි ප්‍රදේශයට ඇතිවිය හැකි බවයි.

දැනට නිල්වලා ද්‍රෝණියේ පහළ ගංවතුර නිම්නයේ ඉහළ මට්ටමේ ගංවතුර තත්වයක් පවතින අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුරෝකථනය කර ඇති පරිදි වර්ෂාව ඇති වුවහොත් එය විශාල ගංවතුර මට්ටමක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානක් ඇත.

මාතර, මාලිම්බඩ, කඹුරුපිටිය, තිහගොඩ, අතුරලිය සහ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත් බිම් රැසක් ‍මේ වනවිටත් ජලයෙන් යටවී ඇති බැවින් ඉදිරියේ ඇතිවන මහා ගංවතුරෙන් ජීවිත හා දේපළ ආරක්ෂා කරගැනීම සඳහා දැඩි සැළකිල්ලෙන් සිටින ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

විපතට පත්වූවන් බේරාගැනීමට සහ ඔවුන් සුරක්ෂිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද ආපදා කළමණාකරණ ඒකකය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, දිසාපති සහ ප්‍රාදේශීය ලේකම්වරු දැනුම්වත් කර ඇත.

දැනටමත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට පැය කිහිපයක් තිස්සේ ධාරානිපාත වැසි ඇති වෙමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!