spot_img
spot_imgspot_img

වලාකුළක් පිපිරී 10ක් මරුට

පුවත්

විදෙස්

ඉන්දියාවේ ඊසානදිග සිකිම් ප්‍රාන්තයේ හදිසියේ ඇතිවූ දැවැන්ත වර්ෂාපතන තත්ත්වයක් හේතුවෙන් ඉන්දීය හමුදා සාමාජිකයින් 22 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 80 දෙනෙකු අතුරුදහන් වී ඇත.

දැවැන්ත වර්ෂාවක් ඉතා කෙටිකාලයක් තුළ පතිතවීමෙන් මෙම ක්ෂණික ගංවතුර තත්වය ඇති වී තිබේ.

විශාල ජල ස්කන්ධයක් සහිත වලාකුළක් පුපුරා යාමෙන් ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මෙම දැවැන්ත ගංවතුර ඇතිවී තිබේ. අනතුරෙන් සිකිම් හි දස දෙනෙකු මිය ගොස් ඇති බව දැනටමත් තහවුරු කර ඇත.

ප්‍රාන්තයේ උතුරු දෙසින් පිහිටි විලක උඩු ගං ඉවුරේ මෙම පිපිරීම සිදුවී ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ලාචෙන් නිම්නයේ ටීස්ටා ගඟේ ජලය භයානක ලෙස ඉහළ ගියේය.

අසල තිබූ වේල්ලකින් ජලය ගඟට මුදා හැරීමෙන් පසු තත්ත්වය තවත් නරක අතට හැරුණි.

උතුරු ප්‍රදේශය ප්‍රාන්තයේ සෙසු ප්‍රදේශ හා සම්බන්ධ කරන පාලම් දෙකක් කැඩී යාම හේතුවෙන් ප්‍රවාහන සේවාවලට දැඩි බලපෑමක් එල්ල වී තිබේ. ඇතැම් හමුදා වාහන රොන් මඩවලට යටවී ඇති බව නිලධාරීහු පවසති.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති අතර වැඩි විස්තර සඳහා බලා සිටින බවයි.

මුළු අසල්වැසි ප්‍රදේශම ගංවතුරට ලක්ව, නිවාසවලට හානි සහ මිනිසුන් අවතැන් වී ඇති w;r, ප්‍රාන්තයේ අනෙකුත් ප්‍රදේශවලද මුදාගැනීමේ ප්‍රයත්නයන් ක්‍රියාත්මක වේ.

පහත් බිම්වලින් ජනතාව ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර ඇත.

ප්‍රදේශයේ සිරවී සිටින අය අතර සංචාරකයින් 3,000කට අධික පිරිසක් සිටින බව ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

හිමාලය ප්‍රාන්තය නිරතුරුවම ගංවතුර සහ ස්වභාවික විපත්වලට ගොදුරු වේ. පසුගිය වසරේ, ප්‍රාන්තයේ ඇතිවූ දරුණු ගංවතුරක් හේතුවෙන් දස දහස් ගණනක් අවතැන් වූ අතර අවම වශයෙන් පුද්ගලයින් 24 දෙනෙකු මිය ගියහ.

https://www.bbc.com/news/world-asia-india-66991815

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!