-2.5 C
New York

ගාල්ල නගරයේ ගල් පෙරැළී, පුද්ගලයෙක් මරුට. නායයාමක් අත ළඟ ?

Published:

ගාල්ල ඉහළ ඩික්සන් පාරේ බෑවුමේ පිහිිටි ගලක් වැලිවත්තේ නිවසකට පෙරැළී යාමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි වාර්තා වේ.

අද (05) මීට සුළුවේලාවකට පෙර මෙම අනතුර සිදුව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ විජයානන්ද මාවත වැලිවත්තේ පදිංචි අමරසේන විජේසිංහ නමැති 77 හැවිරිදි පුද්ගලයෙකි. ඔුහු නිවසේ සිටිය දී ගල් සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් නිවෙසේ බිත්තියක් කඩා වැටී එයට යට වී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

කොළඹ බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ බෙලිඅත්ත දෙසට යනවිට හමුවන පළමු බිංගෙය මේ ආසන්නයේ පිහිටා ඇති අතර ගාල්ල නගරය ආසන්නයේ පිහිටි පර්වතයක් මතින් ඉහළ ඩික්සන් පාර සහ පහළ ඩික්සන් පාර වැටී ඇත.

ගල් පෙරැළීම සිදුවූ ස්ථානය ආසන්නයේ දකුණු පළාත් ආණ්ඩුකාරවර කාර්යාලය සහ පළාත්බද මහාධිකරණය ද පිහිටා ඇත.

මෙවැනි ගල් පෙරැළීයාම ඉදිරියේ දී සිදුවිය හැකි විශාල නායයාමක පූර්ව ලක්ෂණ බව භූ විද්‍යාඥයෝ කියති.

එම කන්ද මත සහ බෑවුමේත්, බෑවුමට පහළිනුත් නිවාස විශාල සංඛ්‍යාවක් පිහිටා ඇත.

Related articles

Recent articles

spot_img