-0.7 C
New York

දෙපාර්තමේන්තුවේ දෙන්නෙකුගේ ගුටි කෙළියක් නිසා, දුම්රිය මගීන් අදත් අමාරුවේ

Published:

උප නියාමක දුම්රිය සේවකයන් ආරම්භ කළ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (05) දිනයෙත් ක්‍රියාත්මක වීම හේතුවෙන් දුම්රිය අවලංගුවීම සහ ප්‍රමාදයන් සිදුවන බව වාර්තා වේ.

මාළිගාවත්ත දුම්රිය අංගනයට පිවිසෙන දොරටුව අසළ දී උප නියාමකවරයකුට දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරියකු පහරදීම හේතුවෙන් ඊයේ (04) සිට දුම්රිය උප නියාමකවරු ලෙඩ නිවාඩු වාර්තා ක‍ළහ.

මේ හේතුවෙන් ඊයේ දිනයේ දුම්රිය ගමන් වාර 78ක් අවලංගු කෙරුණු අතර ධාවනය වූ දුම්රිය රැසක් ප්‍රමාද වී ධාවනය කෙරිණි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු පවසන්නේ මෙම පහරදීම සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති දුම්රිය ආරක්ෂක නිලධාරියාගේ සේවය ඊයේ (04) දිනයේ දී ම අත්හිටුවා ඇති බවයි.

එවැනි ක්‍රියාමාර්ගයක් ගෙන තිබිය දී පවා උප නියාමකවරු මෙලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹ ඇත්තේ එම පහරදීමට සම්බන්ධ අනෙක් පුද්ගලයන් පිළිබඳව ද ක්‍රියාමාර්ග ගතයුතු බබව පවසමිනි.

ලංකා දුම්රිය නියාමක සංගමයේ ප්‍රධාන ලේකම් කේ.ඩි.ඩි. ප්‍රසාද් මෙසේ කීවේය.

දැනට දෙපාර්තමේන්තුව පැත්තෙන් අපිට සාකච්ඡා මට්ටමේ දෙයක් දීලා නෑ. උප නියාමකවරුන්ට ජීවිත තර්ජනයක් එල්ල විය හැකියි කියන සැකය නිසා තමයි ඒ අය අසනීප නිවාඩු වාර්තා කරලා තියෙන්නේ. පුළුවන් තරම් කටයුතු කරන්නේ මේ අයව ගෙන්නා ගෙන සර්විස් එක දෙන්න තමයි. ඒක තාම තහවුරු වෙලා නෑ. එහෙම තත්ත්වයට යනවා කියලා. තාම සාකච්ඡා කරලා නෑ. ඒ හිටපු ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට අරගෙන නෑ. වැඩතහනම් කරලා තියෙනවා. ඒ වෙලාවේ තව හතර පස්දෙනෙක් උපනියාමක නිලධාරියාට බිම පෙරළාගෙන තදින් පහරදීලා තියෙනවා. ඒ අයව අත්අඩංගුවට ගන්න කියලා තමා මේ අය කියන්නේ. ඔවුන්ව හඳුනාගත්තේ නෑ කියලා තමා දෙපාර්තමේන්තුව පැත්තෙන් කියන්නේ.”

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රියෙන් ගමන් කිරීමට පැමිණි මගීන් විශාල පිරිසක් යේ සහ අද (055) දිනයේ දැඩි අපහසුතාවයට පත්ව තිබුණි.

Related articles

Recent articles

spot_img