-1.6 C
New York

ධනුෂ්ක යළි පැමිණෙයි. ක්‍රිකට් කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවක්

Published:

ඕස්ට්‍රේලියාවේ අධිකරණයකින් නිදොස් කොට නිදහස් කරන ලද ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) රාත්‍රී නැවත ශ්‍රී ලංකාවට පැමිණියේය.

ඔහු පැමිණ සිටියේ ඕස්ට්‍රේලියානු තරුණියක සහ ඔහුගේ මිතුරකු ද සමගිනි.

ගුවන්තොටුපොළේ දී මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ධනුෂ්ක කියා සිටියේ හැකි ඉක්මණින් නැවත ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීම සඳහා පුහුණුවීම්වල නිරතවන බවයි.

එමෙන් ම දුෂ්කර අවස්ථාවේ දී ඉවසාගෙන සිටීමට ක්‍රීඩාවෙන් ලබා තිබූ පුහුණුව මහෝපකාරී වූ බව ද එම කාලයේ දී තමන් අමතක නොකළ ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ සියලු දෙනාට ස්තූති කරන බව ද හෙතෙම කීවේය.

Related articles

Recent articles

spot_img