spot_img
spot_imgspot_img

වාහන බලපත්‍ර නිවසේ සිටම හදාගන්න ක්‍රමයක් එයි

පුවත්

විදෙස්

නිවසේ සිට වාහන ආදායම් බලපත්‍රය ලබාගත හැකි ආකාරයෙන් ශ්‍රී ලංකා මෝටර් රථ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතිය සකසා ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් පවසයි.

ඒ සඳහා eRL 2.0 නමැති නව පද්ධතිය ලබන 07 වැනි දා සිට ක්‍රියාත්මක කෙරේ.

තාක්ෂණ රාජ්‍ය ඇමැති කනක හේරත් මේ බව සඳහන් කළේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැති කනක හේරත් මෙසේද පැවසීය.

“මේ රටේ රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමට මෙන්ම අක්‍රමිකතා අවම කර ගැනීමට සමස්ත රාජ්‍ය සේවයම ඩිජිටල්කරණයට ලක් කළ යුතුයි. එනිසා මේ පිළිබඳව අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2023 අයවැය ප්‍රකාශය හරහා මෙරට සියලුම රාජ්‍ය ආයතන ඩිජිටල්කරණයට ලක් කළ යුතු බව සඳහන් කළා.

රාජ්‍ය සේවය ඩිජිටල්කරණයට ලක්කරමින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, ප්‍රාදේශීය සභා, නගර සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන නවයක් තෝරා ගෙන නියමු ව්‍යාපෘති නවයක් ක්‍රියාත්මක වෙනවා.

මීට අමතරව මේ මස 07 වැනිදා සිට (eRL 2.0) වාහන ආදායම් බලපත්‍ර ද මාර්ගගත ක්‍රමය තුළින් ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. තාක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනවා.

නිවසේ සිට වාහන ආදායම් බලපත්‍ර ලබාගැනීම සිදුකිරීමට හැකියාව ඇත්තේ බස්නාහිර පළාතේ හැර සෙසු පළාත් 08 සඳහා පමණි. එය බස්නාහිර පළාත තුළත් ක්‍රියාත්මක කිරීම ලබන මාර්තු මාසයේ සිට සිදුකරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!