-0.4 C
New York

වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය කොවිඩ් එන්නතට

Published:

වෛද්‍ය විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය mRNA Covid එන්නත් නිපදවීමට තුඩු දුන් තාක්‍ෂණය දියුණු කළ විද්‍යාඥයන් යුගලයකට පිරිනමා තිබේ.

ඒ අනුව මෙම ත්‍යාගය හිමිව ඇත්තේ මහාචාර්ය Katalin Kariko සහ Drew Weissman යන දෙදෙනාටය.

වසංගතයට පෙර මෙම තාක්‍ෂණය පර්යේෂණ මට්ටමේ තිබූ නමුත් බරපතල Covid-19 වයිරසයට එරෙහිව ජනතාව ආරක්ෂා කිරීම සඳහා ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවකට මෙම එන්නත දැන් ලබා දී ඇත.

එම mRNA තාක්ෂණය වර්ථමානයේ පිළිකා ඇතුළු අනෙකුත් රෝග සඳහා පර්යේෂණ සිදු කෙරේ.

නොබෙල් ත්‍යාග කමිටුව පැවසුවේ, “නූතන යුගයේ මානව සෞඛ්‍යයට ඇති ලොකුම තර්ජනයක් අතරතුර පෙර නොවූ විරූ වේගයකින් එන්නත් නිපදවීමට සම්මානලාභීන් දායක විය,” යනුවෙනි.

වෛරස් හෝ බැක්ටීරියා හඳුනාගෙන ඒවාට එරෙහිව සටන් කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය පුහුණු කිරිම එන්නත් මගින් සිදුකරයි.

සාම්ප්‍රදායික එන්නත් තාක්‍ෂණය පදනම් වී ඇත්තේ මුල් වෛරසයේ හෝ බැක්ටීරියාවේ මිය ගිය හෝ දුර්වල වූ කොටස් භාවිතා කිරීමෙන් ප්‍රතිශක්තිය ඇති කිරිමයි.

ඊට වෙනස්ව, mRNA (මැසෙන්ජර් රයිබොනියුක්ලික් අම්ලය) එන්නත් සම්පූර්ණයෙන්ම වෙනස් ප්‍රවේශයක් භාවිතා කරයි.

කොවිඩ් වසංගතය අතරතුර නිපදවූ, මොඩර්නා සහ ෆයිසර් එන්නත් දෙකම mRNA තාක්ෂණය මත පදනම් විය.

මෙය මිනිසුන්ගේ භාවිතය සඳහා එන්නත් තාක්ෂණය දියුණු කිරීමට මග පෑදීය.

මහාචාර්ය කරිකෝ සහ වෙයිසස්මාන් මුණගැසුණේ 1990 දශකයේ මුල් භාගයේදී ඔවුන් එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ සේවය කරන විටදී ය.

Katalin Kariko දැන් හංගේරියාවේ Szeged විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන අතර Drew Weissman තවමත් පෙන්සල්වේනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස සේවය කරයි.

https://www.bbc.com/news/health-66983060

Related articles

Recent articles

spot_img