spot_img
spot_imgspot_img

“තෙරුවන් සරණින්” මුදල් ගැරූ හොර නාහිමි රිමාන්ඩ්

පුවත්

විදෙස්

මල්වතු මහා නා හිමියන් ලෙස පෙනී සිටිමින්, පුද්ගලයන් රට යවන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයකු ලබන 12 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් කේ.ඩී.විජේවික්‍රම නියෝග කළේය.  අත්අඩංගුවට ගත් බව නුවරඑළිය පොලිසිය පවසයි.

මෙලෙස  රිමාන්ඩ් කරන ලද්දේ ගාල්ලේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.

නුවරඑළියේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් 137,000.00ක මුදලක් වංචා කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකළ නුවරඑළිය පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගැණිනි.

එම පුද්ගලයා, පුවත්පත්වල පළවන ඉඩම් හා දේපළ විකිණීම් සම්බන්ධ දැන්වීම්වල සඳහන් පුද්ගලයන්ගේ දුරකථන අංකවලට “තෙරුවන් සරණයි” කියමින් ඇමතුම් ලබා දී තමන් මල්වතු විහාරයේ මහනායක හිමියන් බවත් තමන්ගේ සහෝදරයා ඔස්ට්‍රේලියාවේ පදිංචි බවත් ඔහුට ඉඩමක් සහ නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය බවත් පවසයි. පසුව එවැනි පුද්ගලයන් සමඟ හිතවත් වන ඔහු ඔස්ට්‍රේලියාවේ මහ කොමසාරිස්වරයා තමන්ගේ මිත්‍රයෙකු බව ද පවසා, ඒ අනුව අවශ්‍ය නම් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෙකු කිසිදු අයකිරීමකින් තොරව පහසුවෙන් ඔස්ට්‍රේලියාවේ ‍රැකියාවකට හෝ අධ්‍යාපන කටයුතු සඳහා යොමු කිරීමට හැකි බව පවසා ඇත.

ඒ සඳහා රුපියල් 130,000.00ක මුදලක් පමණක් වැයවන බව පවසමින් එම මුදල බැංකු ගිණුමකට බැර කරවාගැනීමට ඔහු කටයුතු කරන බව ද පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

බොහෝ අවස්ථාවලදී පුද්ගලයින් රැවටීම සඳහා මෙම සැකකරු විසින්ම ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස්වරයා ලෙස ද පෙනී සිට දුරකථන ඇමතුම් ලබා දී ඇති බව ද සැකකරුගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණව වී තිබේ.

සිදුකළ වැඩිදුර පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ මුදල් ගෙන්වාගත් පුද්ගලයින්ගේ ජාතික හැඳුනුම්පත් ද සැකකරු විසින් ගෙන්වාගෙන ඇති අතර එමඟින් තවත් පුද්ගලයන් රැවටීම සඳහා සිම් පත් 100ත් 120ත් අතර ගණනක් මිලදී ගෙන ඇති බවයි.

සැකකරු සතුව තිබී ජංගම දුරකථන 11ක්, ටැබ් යන්ත්‍රයක්, අන්තර්ජාල සැපයුම් උපකරණ, බැංකු ගිණුම්වලට මුදල් තැන්පත් කළ රිසිට්පත්, විවිධ නම්වලින් සකසන ලද නිල මුද්‍රා තොගයක් හමුව තිබේ.

මුදල් තැන්පත්කර ගැනීම සඳහා මෙම පුද්ගලයා විසින් ව්‍යාජ ජාතික හැඳුනුම්පත් කිහිපයක් භාවිත කරමින් බැංකු ගිණුම් 15කට ආසන්න ගණනක් සාදා ඇති අතර ව්‍යාජ ජාතික හැඳුනුම්පත් භාවිත කරමින් ඔහු විවාහයන් කිහිපයක් ද සිදුකරගෙන ඇති බව පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!