-0.7 C
New York

ඇතින්නට වෙඩි තැබූ නිලධාරියාට, සිදු වූ දේ

Published:

මහියංගණයේ පෙරහැර සඳහා රැගෙනවිත් සිටි සීතා නමැති ඇතින්නකට වෙඩි තැබූ සිවිල් ආරක්ෂක නිලධාරියා රුපියල් ලක්ෂයක ශරීර ඇප  මත මුදාහැරීමට මහියංගණය වැඩබලන මහේස්ත්‍රාත් එස්.ගෝවින්ද නියෝග කළේය.

මාපාකඩවැව වනජීවී කාර්යාලයට අනුයුක්තව සේවය කළ සිවිල් ආරක්ෂක නිලධාරියකු විසින් මෙම වෙඩිතැබීම සිදුකර තිබිණි. අද (30) අලුයම 3.30ට පමණ වන අලියකු යැයි සිතා ඔහු මේ වෙඩි තැබීම සිදුකර ඇත්තේ රබර් උණ්ඩ යොදාගනිමිනි.

එම වෙඩි පහරින් තුවාල ලැබූ ඇතාට මේ වනවිට ප්‍රතිකාර සිදුකළ බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

Recent articles

spot_img