බස්නාහිරට එන්න. යන්න බෑ

0
177

මේ මොහොතේ සිට ක්‍රියාත්මකවන පරිදි ලබන 15 වැනි දා මධ්‍යම රාත්‍රී දක්වා බස්නාහිර පළාතෙන් පිටවීම සම්පූර්ණයෙන් ම තහනම් කර ඇතැයි මීට සුළු වේලාවකට පෙර කොවිඩ් – 19 පැතිරීම වැළැක්ම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

ඒ අනුව ජාතික ගමනා ගමන මණ්ඩලය හා ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව කියා සිටියේ බස්නාහිර පළාතට පැමිණෙන සහ පිටවන සියලුම බස් රථ සේවාවන් ලබන ඉරිදා මධ්‍යම රාත්‍රිය දක්වා අත්හිටුවා තිබෙන බවයි.

මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය සාමාන්‍යාධිකිරී එම්.ජේ.ඩී.ප්‍රනාන්දු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ අද (11) රාත්‍රී 10.00 සිට ලබන 15 වැනි දා මධ්‍යම රාත්‍රී දක්වා දුම්රිය ධාවනයන් වෙනස් කරන බවයි.

ඒ අනුව බෙලිඅත්ත, මහනුවර, මහව, පුත්තලම, අවිස්සාවේල්ල යන ගමනාරම්භක දුම්රියස්ථානවලින් ගමන් ආරම්භ කරනු ලබන හා එම මාර්ගවල ගමන් කරන අනෙක් සියලුම දුම්රිය හෙට (12) දින උදෑසන කොළඹ කොටුව ද්කාව ළඟා වන බව ඒ මහතා සඳහන් කරයි. නමුත් සවස් කාලයේ ඉහත ගමනාන්ත වෙත ගමන් ගන්නා මගීන්ට යාමට හැකිවන්නේ බස්නාහිර පළාත් සීමාවන්වල පිහිටි අවසන් දුම්රිය ස්ථාන වන අලුත්ගම, අඹේපුස්ස, කොච්චිකඩේ, අවිස්සාවේල්ල දක්වා පමණි.

සෞඛ්‍ය හේතූන් මත ඉන් ඔබ්බට බස්නාහිර පළාතේ සිට මගීන් රැගෙන යනු නොලබන බවත් ධාවනය වන දුම්රියන් තුළ ඊළඟ දුම්රිය නැතුම්පොළේ සිට ගොඩවන මගීන්ට ගමාන්නතය දක්වා ගමන් කිරීමට හැකියාව පවතින බවද ඔහු සඳහන් කරයි.

ප්‍රාදේශීය වශයෙන් ධාවනය වන සියලු දුම්රිය නියමිත පරිදි වෙනසකින් තොරව ධාවනය වන බව ද හෙතෙම සඳහන් කර ඇත.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here