-1 C
New York

ජෝන් කීල්ස් සමාගම, වටිනාම සමාගම වෙය

Published:

කොළඹ කොටස් වෙළෙඳ පොළ වටිනාම සමාගම ලෙස දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමුඛ ස්ථානයේ සිටි එක්ස්පෝ ලංකා සමාගමේ සමස්ත කොටස් වටිනාකමෙහි අගය අභිබවා ජෝන් කීල්ස් සමාගම අද (26) දිනයේ වටිනාම සමාගම බවට පත්විය.

කොටස් වෙළෙඳ පොළ අද (26) දිනයේ ගනුදෙනු 9,054ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 942ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 31ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,248ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 298
  • ඩීඑෆ්සීසී බැංකුව රුපියල් මිලියන 123
  • පෑන් ඒෂියා බැංකුව රුපියල් මිලියන 36

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම්  කොටස් මිලියන 3.9
  • එල්ඕඑල්සී ෆිනෑන්ස් සමාගම කොටස් මිලියන 3.9
  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම කොටස් මිලියන 2.6

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • බ්ලූඩයමන්ඩ් සමාගම (X) 50%
  • බ්ලූඩයමන්ඩ් සමාගම (N) 25%
  • නේෂන්ස් ලංකා සමාගම (N) 25%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 780,000ක් රුපියල් 193.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 266
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 264
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 197

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 113ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 111ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 02ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආ‍යෝජනය කර තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 09
  • ආසිරි හොස්පිටල් සමාගගම රුපියල් මිලියන 06

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එල්ඕඑල්සී සමාගම රුපියල් මිලියන 12
  • ෆස්ට් කැපිටල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 09

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img