-1.6 C
New York

පොලිස් නිලධාරීන්ට පහරදුන් පාසල් සිසුන් පිරිසක් අත්අඩංගුවට

Published:

අනාරක්ෂිතව දිය නෑම නුසුදුසු බැවින් මුහුදු වෙරළින් ඉවත්ව යන ලෙස අවවාද කළා යැයි උරණ වී පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහරදුන් පාසල් සිසුන් පස් දෙනකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන, පිළියන්දල සහ අහුංගල්ල පදිංචිකරුවන් පිරිසකි.

පොලිසිය පවසන්නේ අනාරක්ෂිත ස්ථානයක තරුණයන් පිරිසක් බීමත්ව දිය නාමින් සිටින බවට ලැබුණු තොරතුරකට අනුව පොලිස් සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු එහි ගොස්‍ සොයා බැලීමේ දී මෙම පිරිස දැක අවවාද කර ඇති බවයි. එම ස්ථානය අනතුරුදායක බැවින් එතැනින් ඉවත්ව යන්න යැයි දැනුම් දුන් අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් සමඟ ආරවුලක් ඇතිකරගත් ඔවුන් පොලිසියට පහර දී ඇත.

පොලිසිය පවසන්නේ පහරදුන් හය දෙනාගෙන් 05 දෙනකුම පාසල් සිසුන් බවයි.

Related articles

Recent articles

spot_img