-3.4 C
New York

මෙටා සමාගමේ ලොක්කෙක් සහ ජනපති රනිල් අතර හමුවක්

Published:

මෙටා සමාගමේ ගෝලීස සම්බන්ධතා අංශයේ ප්‍රධානී නික් ක්ලෛග් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එම සාකච්ඡාව ඊයේ (19) සවස සිදුකර ඇත.

සමාජ මාධ්‍ය ඔස්සේ වෛරී ප්‍රකා සහ දුස් තොරතුරු ප්‍රචාරය කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිවරයා නික් ක්ලෙග් දැනුම්වත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ඒ වෙනුවෙන් ඉදිරියේ දී හඳුන්වාදීමට යෝජිත පනත මඟින් බලපෑමට ලක්වූවන්ට ශ්‍රේෂ්ඨාධිකරණය හරහා ක්‍රියාමාර්ග ගත හැකි බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත. එසේම පාර්ලිමේන්තු කාරක සභා සමාලෝචනයේ දී මෙම පනතට තවත් සංශෝධන එක් කළ හැකි බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

කෘත්‍රීම බුද්ධි තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු පහදා ඇත. ශ්‍රී ලංකා රජය සහ මෙටා සමාගම අතර කෘත්‍රීම බුද්ධි කෂේත්‍රයේ හවුල්කාරීත්වයක් ඇති කරගැනීමේ අවස්ථා සොයා බැලීමටත්, ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල සංවර්ධනය කිරීමට මෙටා සමාගම සමග සහයෝගීතා වැඩසටහනක් ඇති කර ගැනීමටත් මෙහිදී යෝජනා විය.

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා දත්ත මත පදනම් වු වැඩසටහන් සංවර්ධනය කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා කෘත්‍රීම බුද්ධිය භාවිත කරන අතරම, අධ්‍යාපනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙරට කෘත්‍රීම බුද්ධි ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම තම අවධානය යොමු කළ ප්‍රධාන ක්ෂේත්‍ර දෙක බව ද ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related articles

Recent articles

spot_img