-2.5 C
New York

ධනුෂ්ක, කාන්තාවක සමඟ අධිකරණයට එයි. නඩු විභාගය දින කිහිපයක්

Published:

කාන්තාවකගේ විරෝධය නොතකා බලහත්කාරයෙන් ලිංගිකව එක්වීමේ චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහි නඩු විභාගයේ පළමු දිනය විභාගය අද (18) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නගයේ NSW අධිකරණයේ දී පැවැත්විණි.

පසුගිය 2022 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී නැගෙනහිර සිඩ්නි ප්‍රදේශයේ දී ධනුෂ්ක ගුණතිලක වෙබ් අඩවියකින් හඳුනාගත් කාන්තාවකගේ නිවසකට ගොස් ඇයට අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් හිංසා කළ බවට චෝදනා එල්ල වී තිබිණි.

මෙම නඩුව සම්බන්ධයෙන් ධනුෂ්ක ගුණතිලක නීතිඥ සහය නොමැතිව පැය දෙකකට වැඩි කාලයක් පොලිසියට කරුණු ඉදිරිපත් කර ඇතැයි ද ඔහුගේ නීතිඥයන් අධිකරණයට දන්වා තිබේ.  එමෙන්ම ලිංගික හිසා කිරීම සහ සොරකම් කිරීම යන චෝදනා දෙකෙන් එකකට තමන් වැරදිකරු බව ද ඔහු පිළිගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පැමිණිලිකාර කාන්තාව අධිකරණයට පවසා ඇත්තේ අනාරක්ෂිතව ලිංගිකව එකතු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා තමන්ගේ හුස්ම හිරකළ බවත් එම එක්වීම අනාරක්ෂිත සහ තමන්ට මරණ බිය ඇතිකළ සම්බන්ධයක් වූ බවයි.

මෙම නඩු විභාගය දින තුනක් හෝ හතරක් පැවැත්වෙනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ධනුෂ්ක ගුණතිලක අද අධිකරණයේ නඩු විභාගය සඳහා පැමිණියේ විදෙස් ජාතික තරුණියක් සමගිනි. ඔවුන් දෙදෙනා එකිනෙක දෑත් අල්ලාගෙන ගමන්කරන ආකාරය මාධ්‍යවේදීන් විසින් සිය කැමරාවලට හසුකරගෙන තිබූ අතර මේ වනවිට එම ඡායාරූපය මාධ්‍යමගින් ප්‍රසිද්ධියට පත්ව තිබෙනු දක්නට ලැබෙයි.

Related articles

Recent articles

spot_img