-2.5 C
New York

රජීව් ඝාතනයේ වරදකරුවන් නිදහස් කර ශ්‍රී ලංකාවට එවයි ?

Published:

රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලබා පසුව නිදහස් කරන ලද ශ්‍රී ලාංකිකයන් 04 දෙනකු නැවත ශ්‍රී ලංකාවට එවීමට පියවර ගන්නා බව ඉන්දීය රජය මදුරාසි මහාධිකරණයට දැනුම් දී තිබේ.

රජීව් ගාන්ධි ඝාතනය කළ බවට දඬුවම් ලබා සිටි පුද්ගලයන් 06 දෙනකු ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය නොවැම්බර් මාසයේ දී නිදහස් කළ අතර ඉන් හතර දෙනකු ශ්‍රී ලාංකිකයන් ය.

චෙන්නායි බලධාරීන් පවසන්නේ එම සිව්දෙනාම ආගමන විගමන ලියවිලි කිසිවක් නොමැතිව බෝට්ටුවකින් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැමිණි පිරිසක් බවයි. එබැවින් ඔවුන් ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට කටයුතු කරන බවත්, ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා තෙක් විදේශිකයන් රඳවා තැබීමේ කඳවුරක තබන බවත් චෙන්නායි හි විදේශිකයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලය පවසයි.

Related articles

Recent articles

spot_img