spot_img
spot_imgspot_img

IMF ගැන විශ්වාසයක් නෑ, රටේ බහුතරයක් කියයි

පුවත්

විදෙස්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපතක් නොවනු ඇතැයි මෙරට ජනගහණයෙන් වැඩි පිරිසක් අදහස් කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

වෙරිටේ රිසර්ච් ආයතනය මෙම සමීක්ෂණය සිදුකර ඇත්තේ ජුනි මාසයේ දී ය. එම සමීක්ෂණය සඳහා සහභාගී වූ පිරිස අතරින් 45%ක පිරිසකගේ මතය වී ඇත්තේ ඇමෙරිකානු ඩොලර් බිලියන 2.ක විස්තීරණ ණය පහසුකම් වැඩසටහන අනාගතයේ දී, ආර්ථිකය නරක අතට හැරීමට බලපාන බවයි. තවත් ආකාරයකින් කිවහොත් ඔවුන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධ විශ්වාසයක් නැත.

එම සමීක්ෂණයට සහභාගී වූ පිරිස අතරින් 28%ක පිරිසක් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අනාගතයේ දී ශ්‍රී ලංකාවේ ආර්ථිකයට යහපත් ලෙස බලපාන බවයි. ඒ අනුව එම වැඩසටහන කෙරෙහි ඔවුන් විශ්වාසය තබා ඇත.

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මකවන IMF වැඩසටහන රටේ දැන් සහ ඉදිරි ආර්ථිකයට බලපාන්නේ කෙසේද?” යන ප්‍රශ්නය මෙහිදී අසන ලදී. එසේම, ප්‍රතිචාර දැක්වීමට පිළිතුරු 4 ක් ලබා දී තිබුණි.

  1. දැන් සහ ඉදිරිය හොඳ අතට හැරීමට බලපායි
  2. දැන් නරක උනත් ඉදිරියේ හොඳ අතට හැරෙයි
  3. දැන් සහ ඉදිරිය නරක අතට හැරීමට බලපායි
  4. දැන් හොඳ උනත් ඉදිරියේ නරක අතට හැරෙයි

ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 28% ක් පළමු හෝ දෙවන පිළිතුර තෝරා ගත් අතර 45% ක් තුන්වන හෝ හතරවන පිළිතුර තෝරා ගත්හ. ඉතිරි 27% දෙනා කිසිඳු ප්‍රතිචාරයක් දැක්වූයේ නැත.

රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කෙරෙන පරිදි තෝරාගත් වැඩිහිටි ශ්‍රී ලංකා පුරවැසියන් 1008

දත්ත එකතු කිරීමේ සහාය වෑන්ගාර්ඩ් සර්වේ (පුද්ගලික) ආයතනයෙනි. වෙරිටේ රිසර්ච් සතු සින්ඩිකේටඩ් සර්වේ (Syndicated Survey) නම් ජනමත විමසුම් සිදුකිරීමේ ක්‍රමවේදය යටතේ මෙම සමීක්ෂණය දියත් කර තිබේ. මෙමගින් ශ්‍රී ලාංකීය ජනතාවගේ අභිලාෂයන් හඳුනාගැනීම සඳහා වෙනත් ආයතනවලට ද අවස්ථාව සැලසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!