-3.4 C
New York

පශ්චාත් උපාධියක් ලැබූ වයස්ගත ම මාතාව. වයස අවුරුදු 97 යි

Published:

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි, බෞද්ධ අධ්‍යාපන පශ්චාත් උපාධි ආයතනය වෙතින් ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගැනීමට වයස අවුරුදු 97ක් වූ විතානගේ ලීලාවතී ඇස්ලින් ධර්මරත්න නමැති කාන්තාවක් සමත්ව සිටියි.

ඇය එම විශ්වවිද්‍යාලයේ මෙතෙක් අධ්‍යාපනය ලැබූ වයස්ගතම ශිෂ්‍යාව ලෙස ද වාර්තා වෙයි.

මෙම ශාස්තපති උපාධිය සඳහා ඇය පාලි නිකාය ගත බෞද්ධ චින්තනය -විග්‍රහය හා විවරණය, බෞද්ධ කලා හා ගෘහ නිර්මාණ, බෞද්ධ මනෝ චිකිත්සාව, බෞද්ධ ආර්ථික දර්ශනය, ථෙරවාදී සම්ප්‍රදාය- ඉතිහාසය හා ධර්ම කරුණු , බෞද්ධ ආචාර ධර්මය -සංකල්ප හා දාර්ශනික අර්ථකථනය, පර්යේෂණ ක්‍රමවේදය හා විස්තාරිතාවරණනය යන විෂයයන්ගෙන් පෙනී සිට ඇත.

ඇය තම පර්යේෂණ නිබන්ධනය සඳහා ඇම්බැක්කේ දේවාලයේ ලී කැටයම් තුළින් පිළිබිඹු වන අතීත ජීවන රටාව පිළිබඳ විමර්ශනයක් සිදුකර ඇත.

ඇස්ලින් ධර්මරත්න මාතාව වයස අවුරුදු 94 දී විද්‍යෝදය විශ්වවිද්‍යාලය මඟින් පැවැත්වූ ත්‍රිපිටක ධර්මය හා පාලි භාෂා පරීක්ෂණ විභාගයට පෙනී සිට එය සමත්වූවාය.

1952 වර්ෂයේ දී නොතාරිස් විභාගයට පෙනී සිට ශ්‍රී ලංකාවෙන් ම පළමුවැනියා ලෙස ඉන් සමත්වී නොතාරිස්වරයකු ලෙස කටයුතු කළ බව ද ඇය පවසයි.

ඇය දරුවන් 06 දෙනකුගේ මවකි.

Related articles

Recent articles

spot_img