spot_img
spot_imgspot_img

පකිස්තානය පරදා, ශ්‍රී ලංකාව අවසන් තරඟයට

පුවත්

විදෙස්

අවසන් පන්දුවේ දී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පකිස්තානයට එරෙහිව කඩුලු ‍02ක ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් මහා තරගයට 12 වැනි වතාවටත් සුදුසුකම් ලබාගත්තේය.

මෙම තරඟය ඊයේ (14) කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති අතර වර්ෂාව හේතුවෙන් තරඟය පන්දුවාර 42කට සීමා කෙරිණි.

කාසියේ වාසිය දිනාගත් පකිස්තාන කණ්ඩායම පළමවෙන් පන්දුවට පහර දෙමින් පන්දුවාර 42ක දී කඩුලු 07ක් දැවී ලකුණු 252ක් රැස්කිරීමට සමත්විය. එක් අවස්ථාවකදී ලකුණු 130කට කඩුලු 05ක් දැවී අසරණව තිබූ පකිස්තානු ඉනිම මොහොමඩ් රිස්වාන් (නොදැවී 86) සහ ඉෆ්තිකාර් අහමඩ් (47) යවැනි කඩුල්ල වෙවනුවෙන් වේගවත් ලකුණු 108ක සම්බන්ධතාවක් ගොඩනගමින් ස්ථාවර කළහ. ඒ සඳහා ඔවුන් දෙදෙනා වැය කළේ පන්දු 78ක් පමණි.

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා අවසන් පන්දුවේ දී ලකුණු 02ක් ලබාගැනීමට අවශ්‍යව තිබූ මොහොතේ චරිත් අසලංක එම ඉලක්කය සපුරාගත් අතර ඔශු පන්දු 47කින් නොදැවී ලකුණු 49ක් රැසක්කරගත්තේ එක් හයේ පහරක් සහ හතරේ පහර 03ක් සමගිනි.

ශ්‍රී ලංකා ඉනිමේ බර කරටගත් කුසල් මෙන්ඩිස් පන්දු 87ක දී ලකුණු 91ක් රැස්කළ අතර ඔහු පැතුම් නිස්සංක (29) සමඟ එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 60ක දී ලකුණු 57ක් ද, සධීර සමරවික්‍රම (48) සමඟ එකව්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 100ක් ද එක්කරමින් ශ්‍රී ලංකාවේ ඉලක්කය පහසු ඉලක්කයක් බවට පත්කර තිබිිණි.

කුසල් මෙන්ඩිස් 04 වැනි කඩුල්ල ලෙස දැවී යනවිට ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 42ක් පමණි. ඒ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 210ක් ලබා සිටියේ. චරිත් අසලංක සමඟ නායක දසුන් ශානක පිටයට එක්වූ අතර ලකුණු 02ක් ලබා සිටි දසුන් ශානක 222 දී පස්වැනි කඩුල්ල ලෙස දැවී ගිය ද ඉතිරි ලකුණු 30 ලබාගැනීම ශ්‍රී ලංකාවට අසීරු ඉලක්කයක් ලෙස පෙනුනේ නැත. එම අවස්ථාවේ දී හදිසියේ ම තරඟය වෙත නැවත කඩා වැදුණු පකිස්තානු කණ්ඩායම ශ්‍රී ලංකා ලකුණු පුවරුව කඩුලු 08කට 246ක් බවට පත්කළේ තරඟය තියුණු මුහුණුවරක් බවට පත්කරමිනි.

ධනංය ලකුණු 05කට, දුනිත් වෙල්ලාලගේ ලකුණු නොලබාම සහ ප්‍රමෝද් මධුෂාන් 01 ලකුණකට දැවීයාමත් සමඟ ජයග්‍රහණය යළි දෙපැත්තටම විවෘත විය. එම අවස්ථාවේ දී ඉනිමේ බර කරටගත් චරිත් අසලංක කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේ මතීෂ පතිරණ ආරක්ෂා කරගනිමිනි.

මෙම ජයග්‍රහණයත් සමඟ පසුගිය ආසියානු කුසලාන තරඟාවලියේ අනුශූරයන් වූ පකිස්තානයට අවසන් මහා තරඟය අහිමිවිය. අවසන් මහා තරඟය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!