spot_img
spot_imgspot_img

පාසල් දැරියන්ට අතවර කළැයි කී ගුරුවරයාට ඇප. විදුහල්පති මාරු

පුවත්

විදෙස්

කුරුණෑගල වැහැර බණ්ඩාරනායක විද්‍යාලයේ බාලවයස්කාර දැරියන් පිරිසක් අපයෝජනය කළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පාසල් ගුරුවරයකු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න අද (14) නියෝග කළේය.

මෙලෙස ඇප මත මුදාහරින ලද්දේ එම පාසලේ ගුරුවරයකු ලෙස සේවය කළ මාවතගම පදිංචි, 55 හැවිරිදි දෙදරු පියෙකි.

පොලිසිය අධිකරණයේ දී කියා සිටියේ මෙම ගුරවරයා දැරියන් කිහිප දෙනකුට අතවර කළ බවට දෙමාපියන්ගෙන් පැමිණිලි ලැබී ඇති බවයි. සැකකාර ගුරුවරයා දඬුවම් මාරුවක් ලබා මාස තුනකට පමණ පෙර මෙම පාසලට පැමිණි අයකු බව ද අනාවරණ්‍ය වී ඇත.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කීර්ති ජී.දුනුසිංහ අධිකරණයට කියා සිටියේ, තම සේවාදායකයා සමඟ අමනාපයෙන් සිටින පිරිසක් ඔහු සහ විදුහල්පතිවරයා අපකීර්තියට ලක් කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි.

සැකකාර ගුරුවරයාට ඉතා දැඩි ලෙස අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න පැමිණිලි පාර්ශ්වයට බලපෑමක් ඇති වන ආකාරයට කටයුතු නොකළ යුතු බව ද එසේ කළ බවට සනාථ වුවහොත් ඇප අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බව ද කියා සිටියේ ය. එමෙන්ම මෙම නඩුව විභාගකර අවසන් වනතුරු සැකකරු එම පාසලට ඇතුළුවීම තහනම් කිරීමට ද මහේස්ත්‍රාත්වරයා කටයුතු කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියන් පිරිසක් විසින් විදුහල්පතිවරයා දැනුම්වත් කිරීමට පාසලට ගිය අවස්ථාවේ දී විදුහල්පතිවරයා එම දෙමාපියන්ට බැන වැදී එළවාගත් බවට දෙමාපියෝ චෝදනා කරති. කෙසේ වෙතත් පාසලට පැමිණි දෙමාපියන් පිරිසක් තම රාජකාරියට බාධා කළ බව පවසමින් විදුහල්පතිවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පිරිසක් අත්අඩංගුවට ගෙන තිබූ අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුරුවරයා විසින් දරුවන් අතවරයට ලක්කළ බවට පැමිණිලි කළ දෙමාපියන් පස් දෙනකු අතරින් තිදෙනෙක් බව ද අනාවරණය වී ඇත.

විදුහල්පතිවරයාගේ එම ක්‍රියාකලාපය පිළිබඳ වාර්තා වූ වහාම ආණ්ඩුකාරවරයාගේ උපදෙස් මත, අදාල විදුහල්පතිවරයා අද සිට තාවකාලිකව කුරුණෑගල කලාප අධ්‍යාපන කාර්යාලයේ සංචිතයට යොමුකර ඇති බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!