කොරෝනා ආසාදිතයන් 309 දෙනකු අද (11) දිනයේ වාර්තාවී ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
මේ අනුව මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 15,000 ක් ඉක්මවා ගොස් ඇත්තේ 15,024 ක් බවට පත්වෙමිනි. මේ වනවිට සුවය ලැබූ සංක්‍යාව 10,183කි. ඒ අනුව රෝහල්ගතව සිටින කොරෝනා රෝගීන් සංඛ්‍යාව 4,794කි.
යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ අද වාර්තා වූ සියලු දෙනාම මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයන් බවයි. ඒ අනුව එම පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 11,542ක් දක්වා ඉහළ ගොස් ඇත.