-0.4 C
New York

ලිබියාවේ මියගිය ගණන 20,000 ට ආසන්න වෙයි ?

Published:

ලිබියාවේ දර්නා නගරයේ ඇති වූ ගං වතුර තත්ත්වය හේතුවෙන් මියගිය ගණන 18,000ත් 20,000ත් අතර වෙතැයි අනුමාන කරන බව එහි නගරාධිපතිවරයා පවසයි.

ඩැනියෙල්ස් සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ අධික වර්ෂාව නිසා වේලි දෙකක් කැඩී යාම හේතුවෙන් නොසිතූ ලෙස ගංවතුර තත්වයක් ඇතිවිය. එම නගරවල වාසය කළ විශාල පිරිසක් සැඩ පහර සමඟ මුහුදට ගසාගෙන ගොස් ඇත.

මේ වනවිට 5,000කට වැඩි මළ සිරුරු ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව 10,000 ඉක්මවා ඇත. තවමත් ඒ පිළිබඳ නිශ්චිත සංඛ්‍යාලේඛන නැත.

ලිබියාවේ දේශපාලන ගැටුම් හේතුවෙන් කණ්ඩායම් දෙකක් විසින් පාලනය කරමින් සිටිය දී සහන කටයුතු සැළසීමේ දී දෙපාර්ශවය එකතු වී ඇතැයි ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

Related articles

Recent articles

spot_img