-3.5 C
New York

කොටස් වෙ‍ෙඳෙ පොළ අද

Published:

කොටස් වෙළෙඳ පොළ අද (13) දිනයේ ගනුදෙනු 11,545ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,788ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 90ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,438ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 303
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 162
  • රිල් ප්‍රොපටි සමාගම රුපියල් මිලියන 130

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • රිල් ප්‍රොපටි සමාගම්  කොටස් මිලියන 20
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 3.5
  • මාරවිල රිසෝට් සමාගම කොටස් මිලියන 03

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස් හෝල් සමාගම 33%
  • බ්ලූඩයමන්ඩ් සමාගම්  (X) 33%
  • යූබී ෆිනෑන්ස් සමාගම 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • හැටන් නැෂනල් බැංගුව කොටස් 615,000ක් රුපියල් 178.00 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් මිලියන 03ක් රුපියල් 86.00 බැගින්
  • රිල් ප්‍රොපටි සමාගම කොටස් මිලියන 20ක් රුපියල් 6.50බැගින්
  • ඩීඑෆ්සීසී සමාගම කොටස් 227,000ක් රුපියල් 90.00 බැගින්
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව කොටස් 500,000ක් රුපියල් 113.25 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 271
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 261
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 203

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 44ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 141ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 97ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 09
  • ලංකා ඇලුමිනියම් සමාගම රුපියල් මිලියන 07
  • හේලීස් එන්ජීටී  සමාගම රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 94
  • ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 13
  • සිනමන් ග්ලාස් සමාගම රුපියල් මිලියන 05

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img