spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා ජයග්‍රහණ මාලාව නිම කරමින් ඉන්දියානුවෝ ජය ගනිති

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාව අඛණ්ඩ ජයග්‍රහණ මාලාව තරඟ 13කට සීමා කරමින් ඊයේ (12) ආසියානු කුසලාන සුපිරි 04 දෙනාගේ තරඟ වටයේ දී ලකුණු 41කින් ඉන්දියාව හමුවේ පරාජයට පත්වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.

එසේ පරාජයට පත්වුව ද එක දිගට පැවති තරඟවල දී ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 10ම දවා ගැනීමේ ලෝක වාර්තාව තවත් තරඟයකින් වැඩිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

තරඟයේ සම්පූර්ණ වාසිය ඉන්දියාව දෙසට හැරී තිබූ අවස්ථාවක 07 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සම්බන්ධතාවක් පැවැත්වූ ධනංජය ද සිල්වා (41) සහ දුනිත් වෙල්ලාලගේ (නොදැවී 42) ශ්‍රී ලංකා බලාපොරොත්තු ඉහළ නැංවුව ද ධනංජයගේ දැවීයාමත් සමඟ ශ්‍රී ලංකාවේ පරාජය වැළැක්විය නොහැකි විය.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 49.1ක දී සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 213කි.

දුනිත් වෙල්ලාලගේ විශිෂ්ඨ පන්දු යැවීමක නිරතවෙමින් සිය පන්දුවාර 10 දී ලකුණු 40කට කඩුලු 05ක් දවාගත් අතර, චරිත් අසලංක පන්දුවර 09ක් යවමින් ලකුණු 18කට කඩුලු 04ක් දවාගත්තේය. අවසන් කඩුල්ල දවාගත්තේ මහීෂ් තීක්ෂණ විසිනි. එය වෙල්ලාලගේ මෙතෙක් දැක්වූ හොඳ ම දස්කම ද විය.

ලකුණු 214ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 41.3ක දී ලකුණු 172කට දැවී ගිය අතර කුල්දීප් යාදව් 43/4ක්, ජස්ප්‍රිට් බුම්රාා 30/2ක් සහ රවීන්ද්‍ර ජදේජා 33/2ක් ලෙස ශ්‍රී ලංකා ඉනිම විනාශ කළහ.

දසුන් ශානක දැවීයාමෙන් පසු පිටියට පැමිණි දුනිත් වෙල්ලාලගේ පන්දුවෙන් දැක්වූ දස්කමට නොදෙවෙනි ආකාරයෙන් පිත්තෙන් ද දස්කම් දක්වමින් ධනංජය සමඟ එක්ව ශ්‍රී ලංකා ලකුණු පුවරුව 162 දක්වා ඉහළ දමා ගත්තේය. ධනංජය දැවීයාමෙන් පසු තනියම හෝ ජයග්‍රහණය කරා යාමේ බලාපොරොත්තුවක් වෙල්ලාලගේ තුළ ඇති බව විස්තර විචාරකයන් පවා කියද්දී අවසන් පිතිකරුවන් තිදෙනා ම පන්දු 05ක් ඇතුළත දැවී ගියේ ශ්‍රී ලංකා බලාපොරොත්තු කඩ කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!