-1.6 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (12) දිනයේ ගනුදෙනු 12,101ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 919ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 38ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,348ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කැපිටල් එලායන්ස් රුපියල් මිලියන 70
  • හේලීස් සමාගම රුපියල් මිලියන 55
  • කීල්ස් හෝටල් රුපියල් මිලියන 36

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එස්එන්බී ලීසිං සමාගම (X) කොටස් මිලියන 05
  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම කොටස් මිලියන 3.7
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 2.2

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ටෙක්ස් ඇග්‍රෝ සමාගම (X) 12.5%
  • බුලර්ස්  සමාම 09%
  • බේරුවල රිසෝට් සමාගම 7.7%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 273
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 261
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 201

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 56ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 12ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 44ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙත ආයෝජනය කර තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 13
  • ඩිස්ටලරීස් සමාගම රුපියල් මිලියන 11
  • බයිරහා ෆාම්ස්  සමාගම රුපියල් මිලියන 06

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • එයිට්කන්ට් ස්පෙන්ස් හෝටල් සමාගම රුපියල් මිලියන 06
  • සිවිස් ටෙක් සමාගම රුපියල් මිලියන 01

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img