spot_img
spot_imgspot_img

ඉන්දියාවට ඓතිහාසික ජයක්

පුවත්

විදෙස්

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟවලියේ ඉන්දියාව සහ පකිස්තානය අතර තරඟය ලකණු 228කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (11) සමත්විය.

මෙම ජයග්‍රහණය ඉන්දු පකිස්තාන ක්‍රිකට් ඉතිහාසයේ ඉන්දීය කණ්ඩායමක් පකිස්තාන කණ්ඩායමකට එරෙහිව ලැබූ විශාලතම ජයග්‍රහණය ලෙස සැළකේ.

ඉරිදා (10) ආරම්භ වූ මෙම තරඟයේ කාසියේ වාසිය දිනූ පකිස්තාන නායකයා පන්දු රැකීම තෝරාගත්තේය. ඉන්දියානු ඉනිමේ 25 වැනි පන්දුවාරයේ පළමු පන්දුව යවද්දී වැසි ඇදහැලීම නිසා තරඟය අතිරේක දිනය වූ ඊයේ දිනයට කල් දැමිණි. ඒ වනවිට නායක රෝහිත් ශර්මා (56) සහ ශුබ්මන් ගිල් (58) පළමු කඩුල්ලට රැස්කළ ලකුණු 121ක සම්බන්ධතාව නිසා ඉන්දීය කණ්ඩායම කඩුලු 02ක් දැවී ලකුණු 147ක් ලබා සිටියේය.

ඊයේ (11) දහවල් කොළඹ ආර් ප්‍රේමදාස පිටිය අවට වර්ෂාව පැවතීම හේතුවෙන් තරගය ආරම්භ කෙරුණේ පස්වරු 4.40ටය. එසේ වුව ද තරඟයේ පන්දුවාර අඩුකිරීමක් සිදුවූයේ නැත.

පෙර දිනයේ නොදැවී සිටි වි‍රාත් කෝලි සහ කේ.එල්.රාහුල් ශතක රැස්කරමින් ඉන්දීය ඉනිමේ අවසන් පන්දුව දක්වාම සිය කඩුලු ආරක්ෂා කරගැනීමේ ප්‍රතිඵලය වූයේ නියමිත පන්දුවාර 50 අවසානයේ ඔවුන් ලකුණු 356ක් රැස්කිරීමයි.

විරාත් කෝලි එක්දින පිටියේ ලකුණු 13,000 සීමාව පසුකර යමින් පන්දු 94ක දී ලකුණු 122ක් රැස්කළේ හයේ පහර 03ක් සහ හතරේ පහර 09ක් සමගිනි. රාහුල් පන්දු 106ක දී ලකුණු 111ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 02ක් සහ හතරේ පහර 12ක් අන්තර්ගත විය.

ලකුණු 358ක දැවැන්ත ඉලක්කය හඹා යාමට පැමිණි පකිස්තානයට ඉන්දීය පන්දු යවන්නන්ගෙන් ගැලවීමක් තිබුණේ නැත. පන්දු ඕවර 32ක් අවසානයේ ඔවුන් සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 128ක් පමණි. කුල්දීප් යාදිව් පන්දු ඕවර 0ක දී ලකුණු 25කට කඩුලු 05ක් දවාගත්තේය.

පකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ආරම්භක පිතිකරු ෆකාර් සමාන්ය. ඔහු ලකුණු 27ක් ලබාගත් අතර ඒ සඳහා පන්දු 50ක් වැය කිරීමට සිදුවිය. අගා සල්මාන් සහ ඉෆ්තිකර් අහමඩ් ලකුණු 23 බැගින් රැස්කළ අතර ආබාධ හේතුවෙන්න අවසන් පිතිකරුවන් දෙදෙනා වූ නසීම් ෂා සහ හාරිස් රවුෆ් පන්දුවට පහරදීමට පිටියට  පිවිසියේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!