හොරණ ගුරුගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවක ආශ්‍රිතයන් 3,137 ක පිරිසක් සඳහා සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් 206 දෙනකු ආසාදිත බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මෙම පුද්ගලයන් හොරණ, බුලත්සිංහල, අගලවත්ත, මදුරාව, ඉංගිරිය, බණ්ඩාරගම, රත්නපුර, කිරිඇල්ල, පාදුක්ක, මහනුවර සහ අනුරාධපුරය ප්‍රදේශවල පදිංචිකරුවන් බව කලුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක පවසයි.
මෙම ආසාදිතයන් කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානවලටත්, ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයටත් යොමකිරීමට කටයුතු කර ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කීවේය.