spot_img
spot_imgspot_img

ගොවිජන සේවා ලොක්කෝ, හොර පාරෙන් ඉඩම් ගොඩකරයි

පුවත්

විදෙස්

සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරයකු විසින් කුඹුරු ඉඩමක් ගොඩ ඩමක් යැයි ව්‍යාජ ලෙස නම්කර ඉඩම ගොඩකරමින් සිටින බව අනාවරණය වී තිබේ.

මෙය සිදුව ඇත්තේ කුරුණූගල ගැට්ටුවාන ප්‍රදේශයේ මධ්‍යම අධිවේගී මාර්ගයට ආසන්නයේ ය. ඉඩමේ වපසරිය පර්චස් 48කි.

ඉඩම් ලේඛනයේ මෙම ඉඩම දැක්වෙන්නේ කුඹුරු ඉඩමක් ලෙසින් වුව ද පසුව සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරයා විසින් එය ගොඩ ඉඩමක් සෙ වෙනස් කර ඇතැයි තහවරු වී තිබේ. එලෙස ව්‍යාජ ලිපි ලේඛන සකසා ඉඩම ගොඩකරමින් සිටින බව දැනගත් කුරුණෑගල දිස්ත්‍රික් ගොවිජන සේවා කොමසාරිස් කාර්යාලය විසින් ඉඩම ගොඩකිරීම තහනම් කරමින් නියෝගයක් ද නිකුත්කර ඇත.

මේ සම්බන්ධයෙන් ගොවිජන සේවා නියෝජ්‍ය කොමසාරිස් දුෂානී වීරසිංහ විසින් කරනලද විමර්ශනයකින් අනාවරණය වී ඇත්තේ කුරුණෑගල මහ නගර සභා සීමාවේ පිහිටි මෙම ඉඩම කෘෂිකර්ම පර්යේෂණ සහකාර නිලධාරියකුගේ නැන්දම්මාට අයත්ව තිබී පසුව සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරයා විසින් ඔහුගේ මවගේ නමට මිල දී ගෙන ඇති බවයි. එම ඉඩම විකිණීමේ දී එය කුඹුරක් නොවන ඉඩමක් ලෙස ලේඛන වෙන්ස්කර ගොඩකිරීම් ආරම්භ කර තිබේ.

මෙලෙස ව්‍යාජ ලේඛන සැකසීමේ චෝදනා ලැබූ සහකාර ගොවිජන සේවා කොමසාරිස්වරයා මේ වනවිට සබරගමුව පළාතේ සේවය කරන්නෙකි. කුරුණෑගල දිස්ත්‍රික් නියේජ්‍ය කොමසාරිස්වරිය පුද්ගලික හේතුවක් මත නිවාඩු ලබා සිටිය දී ඔහු විසින් මෙම ලේඛන සකසා ඇතැයි ද අනාවරණය වී ඇත.

අධිවේගී මාර්ගය සඳහා අත්පත්කරගත් වෙනත් ඉඩම් සහ රජයේ ඉඩම් හරහා මෙම ඉඩමට පිවිසීම සඳහා අඩි 30ක් පමණ පළල මීටර 150ක් පමණ දිගැති නීති විරෝධී මාර්ගයක් ද ඉදිකර ඇතැයි පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

කුරුණෑගල ඇතුගලට පතිතවන වැසි ජලය බැසයන ප්‍රධාන ඇළමාර්ගයක් ද මෙම ඉඩම හරහා වැටී ඇති අතර එය ද මේ වනවිට ගොඩකර ඇති බැවින් වර්ෂාවක දී ප්‍රදේශයේ නිවාස සහ රජයේ නිල නිවාස පවා වතුරින් යටවීමේ අවදානමක් ඇතැයි ප්‍රදේශවාසීහු චෝදනා කරති.

මෙම විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු අනුව ඉඩම ගොඩකිරීමට ලබා දී තිබූ නීති විරෝධී බලපත්‍රය අවලංගු කිරීමට කටයුතු කර ඇත.

ගොවිජන සේවා දෙපාපර්තමේන්තුව සැක කරන්නේ මේ ඉඩම ගොඩකිරීම සඳහා අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් වන්දිගෙවා අත්පත් කරගත් ඉඩම් අවභාවිතා කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියේ පිරිසකගෙන් ද සහය ලැබෙන්නට ඇති බවයි.

(පුෂ්පකුමාර ජයරත්න)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!