-0.7 C
New York

සයිබර් ප්‍රහාරයකින්, රජයේ ආයතන රැසක ඊමේල් දත්ත මැකිලා

Published:

රජයේ ආයතනවල විද්‍යුත් ලිපිනයන්වල තිබූ දත්ත මැකී ගොස් ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) පවසයි.

මෙම විද්‍යුත් තැපැල් ලිපිනයන් ඉලක්ක කරගනිමින් සයිබර් ප්‍රහාරයක් දියත්වීම හේතුවෙන් මෙලෙස දත්ත විනාශ වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේා කියා සිටියේ මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ මැයි මස 17 වැනි දා සිට අගෝස්තු 26 දක්වා අතර කාලයේ දී බවයි.

එම කාලය තුළ අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඇතුළු රජයේ කාර්යාල 300ක විද්‍යුත් තැපැල් ලිපින 5,000ක පමණ තොරතුරු අස්ථානගත වී ඇතැයි ඔහු පවසයි.

ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් පෙරේරා වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“අපේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය මගින් රාජ්‍ය ආයතන රැසකට ඊමේල් පහසුකම් ලබාදී තිබෙනවා. මේ පද්ධතිය ක්‍රියාත්මක කරන්නේ 2007 වර්ෂයේ ඉදලා. 2013 වර්ෂයේ ක්‍රියාත්මක කළ ඊමේල් පද්ධතිය මේ වනවිට කල් ඉකුත්වන තත්වයකට පත්වෙලා. එ් නිසා ඒ පද්ධතිය විවිධ සයිබර් ප්‍රහාරයන්ට ගොදුරු වී තිබෙනවා. මේ ප්‍රහාරය එල්ල වීම නිසා අගෝස්තු 26 වැනි දා එම පද්ධතිය ප්‍රයෝජනයට ගතහැකි තත්වයෙන් ඉවත්වෙලා. ඉදිරියේ දී මෙවැනි දේ සිදු නොවෙන්න අවශ්‍ය යාවත්කාලීන කිරීම් කරන්න කටයුතු කරනවා.”

Related articles

Recent articles

spot_img